top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

The Invitation (2022) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

The Invitation (2022) මේ අවුරුද්දේ නිකුත් කෙරුණු තවත් බය හිතෙන චිත්‍රපටියක්. මේක ඇත්තටම horror එකක් විදියට වඩා thriller එකක් විදියට හඳුන්වනවාට මම කැමතියි. මොකද, චිත්‍රපටිය පුරාවටම තියෙන්නේ බය හිතෙන දේවල් වලට වඩා, ත්‍රාසය කුතුහලය පිරිච්ච දේවල්. කොහොම වුනත්, දිගටම බලන්න පුළුවන්, ලස්සන සිනමා නිර්මාණයක් කියන්න පුළුවන්.


මේක වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපටියක්. කාමුක දර්ශණ වගේම නිරුවත් දර්ශණ කීපයක් අඩංගු වෙනවා. ඒ නිසා දැනගෙන බලන්න. සිනමා ලෝකයේ තොරතුරු වලට අනුව, මේකේ තිබ්බ වැඩිහිටියන්ට සුදුසු දර්ශණ කීපයක්ම ඉවත් කරලා තියෙනවා, සිනමා ශාලා වල පෙන්වන්න අවශ්‍ය නිසාම. හැබැයි, මේ ඉවත් කරපු කොටස් එක්ක මුළු චිත්‍රපටියම ඉදිරියේදී අන්තර්ජාලයට නිකුත් කරන්න නියමිතයිලු.



Jessica M. Thompson, ඔවු කාන්තාවක්, විසින් තමයි මේක අධ්‍යක්‍ෂණය කරන්නේ. තව විශේෂයක් තමයි, මේ කතාව ලියන්නෙත් කාන්තාවක්. ඒ Blair Butler. නිෂ්පාදනයත් එහෙමයි. ඒ Emile Gladstone විසින්. ඉතිං මේ කාන්තා එකතුව ඉදිරිපත් කරපු ලොකු වැඩක් විදියට මේක නම් කරන්න පුළුවන්. ඩොලර් මිලියන 10ක වියදමකින් කරපු මේ සිනමා කෘතිය, මේ වෙනකොටත් ඩොලර් මිලියන 33කට වැඩි ආදායමක් ලබලා තියෙනවාලු.


රඟපෑමෙන් දායක වෙනවා, Nathalie Emmanuel (ඊවී), Thomas Doherty (වෝල්ටර් ඩි විල්), Hugh Skinner (ඔලිවර් ඇලෙක්සැන්ඩර්), Sean Pertwee (ෆීල්ඩ් මහතා) ඇතුලු පිරිසක්. මෙහිදී විශේෂයෙන් කියන්න ඕනේ, කළු ජාතික ප්‍රධාන නිලියගේ හැකියාව. ඇයගේ සටන් ජවනිකා සහ ආදරණීය අහිසංක ජවනිකා ඉතා හොඳින් රඟපාලා තියෙනවා. චිත්‍රපටිය සාර්ථක වෙන්න ප්‍රධාන හේතුවක් වෙන්න ඕනේ ඒකත්.


කතාව ගැන කෙටියෙන්ම කියන්නම්. ඊවී කියන්නේ, දෙම‍ාපියන් මියගිය තරුණ කාන්තාවක්. ඇය‍ට හදිස්සියේ දැනගන්න ලැබෙනවා, DNA පරීක්‍ෂාවෙන් පවුලේ ඉතිහාසය කියන සමාගමක් ගැන. විහිළුවට වගේ ඒකට අයදුම් කරන ඇයට දැනගන්න ලැබෙනවා, ඇයගේ ඥාතීන් එංගලන්තේ ඉන්න බව. ඇය තවත් පුදුමයට පත්වෙන්නේ, ඉන් එක්කෙනෙක් හදිස්සියේම ඇයව අමතා හමුවෙන්න දිනයක් ඉල්ලනවාත් එක්ක. ඇයගේ මේ අළුත් ඥාතීන්‍ කොහොම වෙයිද? කවුද මේ අය? ඒ අයත් එක්ක ඊවීගේ ජීවිතේ කොහොම වෙයිද? මේවා තමයි ප්‍රශ්න. උත්තර දැනගන්න, මේ සිංහල උපසිරැසිය එක්ක චිත්‍රපටිය රස විඳින්න.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.



මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!



Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page