top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

The King's Daughter (2022) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

ප්‍රංශයේ 14 වන ලුවිස් රජතුමා තමයි ඉතිහාසයේ වැඩිම කාලයක් රජකම්කලේ. ඔහු මාලිගයක් ඉදි කලා, කලාව සහ විද්‍යාව මූලික කරගත්ත. මේ ඉතා බලවත් ලුවිස් රජතුමාට, හැමදේම තිබුණා, සදාකාලිකවම රජකිරීම හැරෙන්න. ඒ නිසා, ඔහු ආරම්භ කලා ගවේෂණයක්, ඇට්ලන්ටිස් කියන සැඟවුණු නගරය හොයන්න, ඒ මඟින් ස්වභාවධර්ම නීති වෙනස් කරන්න පුළුවන් කියන විශ්වාසයෙන්. මේ අතරේ, කන්‍යාරාමයක හැදී වැඩෙන ලස්සන තරුණ කාන්තාවක්, මේ සිද්ධි දාමය එක්ක සම්බන්ධ වෙනවා. මේ රජතුමා‍ගේ අරමුණ හරි යාවිද? සදාකාලිකවම ජීවත්‍ වීමේ රජතුමාගේ ආශාවට සිදුවන්නේ කුමක්ද?


මේ කතාව ඇතුලත් වෙන්නේ, 2022 වසරේ මුල් භාගයේ නිකුත් කෙරුණු, වැඩි ප්‍රේක්‍ෂක අවධානයක් දිනා නොගත්ත, සැඟවුණු චිත්‍රපටියක. ඒ The King's Daughter චිත්‍රපටිය. ඇත්තටම ප්‍රංශයේ රජ මාලිගාවක තිර ගත කෙරුණු චිත්‍රපටියක් මේක. ඒ නිසාම, නලු නිලියන්ට සංචාරකයන් නැතුව රූපගත කිරීම් කරන්න, රාත්‍රියේ තමයි හැමදේම කරන්න වෙලා තියෙන්නේ. උදේ පහ වෙනකල් රූපගත කිරීම් කලාලු.


Sean McNamara විසින් අධ්‍යක්‍ෂණය කරපු චිත්‍රපටියක් මේ. ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ රචකයෙක් වුනු Vonda N. McIntyre ගේ The Moon and the Sun නවකතාව ඇසුරෙන් නිර්මාණය ‍කෙ‍රුණු චිත්‍රපටියක්. නිෂ්පාදන කණ්ඩායම් කීපයක සහභාගීත්වයෙන් සිදුකෙරුණු චිත්‍රපටිය, බෙදාහැරීම් කටයුතු කරලා තියෙන්නේ Gravitas Ventures සමාගමෙන්. රඟපෑමෙන් දායක වෙලා තියෙනවා, Kaya Scodelario (මේරි ජෝසප්), Pierce Brosnan (ලුවිස් රජතුමා), Benjamin Walker (ඊව්ස්), Fan Bingbing (දිය කිඳුරිය) ඇතුළු පිරිසක්.


පරණයි කියලා හිතන්නේ නැතුව, මේ සිංහල උපසිරැසිය එක්ක මේ චිත්‍රපටිය රස විඳින්න. බලන්න වටින කතාවක් තියෙන්නේ. හැමදාම වගේ කියන්නේ, මේ උපසිරැසි වල හොඳ නරක, ගල් මුල්, යෝජනා චෝදනා අපිට කියන්න. ඒවායෙන් අපේ උපසිරැසි වල ගුණාත්මක බව වැඩි කරගන්න පුළුවන්.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.


උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.



මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!




Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page