top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

The Marsh King's Daughter (2023) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

හෙලේනා තාත්තා එක්ක දඬයමේ යන්න ගොඩාක් ආසයි. එයාට ඉගෙනගන්න තියෙන දේවල් ගොඩාක් තියෙනවා. දවසින් දවස, කමන්ගේ දැනුමට අළුතෙන් දෙයක් එකතු කරගන්නවා. ඒවා මතක තියෙන්න, හෙලේනාගේ ඇගේ විවිධ වර්ගයේ ටැටූ ගහන්නේ එයාගේම තාත්තා. කැලෑව ඇතුලේ ජීවත් වෙන විදිය, තමන්ගේ ජීවිතය බේරගන්න නම් කරන්න ඕන දේවල්, වගේ හැමදේම හෙ‍ලේනාට උගන්වන්නේ, තාත්තා.


ජීවිතේ සතුටින් ගෙවනවා කියලා තමයි හෙලේනා හිතාගෙන හිටියේ. හෙලේනාට දැනුනේ. ඒත්, මේ හැමදේම වෙනස් ‍වෙන්නේ, දවසක එයාලාගේ ගෙදරට එන, පාර අතරමං වෙච්ච මිනිහෙක් නිසා. මොකක්ද වුනේ කියලා දැනගන්න, මේ චිත්‍රපටිය බලන්නම වෙනවා. වගුරු රජා කවුද කියලා දැනගන්න ලැබෙන්නෙත් එතකොට.


Karen Dionne ගේ නවකතාවක් වන The Marsh King's Daughter පාදක කරගෙන තමයි මේ චිත්‍රපටිය නිර්මාණය වෙලා තියෙන්නේ. Neil Burger ගේ අධ්‍යක්ෂණයෙන් තමයි මේ නිර්මාණය ලස්සන වෙන්නේ. Lionsgate ආයතනය තමයි ලොව පුරා බෙදාහැරීමේ කටයුතු කරන්නේ. රඟපෑමෙන් දායක වෙනවා, Daisy Ridley (හෙලේනා), Brooklynn Prince (ළමා හෙලේනා), Ben Mendelsohn (ජේ‍කොබ්), Caren Pistorius (බෙත්) ඇතුළු පිරිසක්.


පැය දෙකකට ආසන්න ‍කාලයක් පුරා දිවෙන චිත්‍රපටියක් වුනත්, ඒ වෙලාව ගත වෙනවා දැනුනේ වත් නෑ. එක දිගට ගලාගෙන යන සිදුවීම් ති‍යෙන නිසාත්, කතා බහ හරිම අඩු නිසාත්, චිත්‍රපටිය බලන්න කම්මැලි හිතෙන්නේ නෑ. ගොඩාක් අයගේ අදහස, පොත කියවනවාට වඩා, චිත්‍රපටිය බලන එක විනෝදයි කියලා.


මේ චිත්‍රපටියෙත් වෙබ් රේටිං තියෙන්නේ ටිකක් වෙනස් විදියකට. විවිධ වෙබ් අඩවි වල තියෙන්නේ වෙනස් විදියේ අගයන්. ඒත් චිත්‍රපටිය බලන්න හොඳ එකක් කියලායි මගේ මතය. මේ ලිපිය ලියන මොහොතේදී, IMDb 5.8, Rotten Tomatoes 40%, Google Users 77% මේකට කැමැත්ත ප්‍රකාශ කරලා තිබ්බා.


එහෙනම්, හැමෝම මේ සිංහල උපසිරැසියත් එක්ක, චිත්‍රපටිය රස විඳින්න. හැමදාම කියනවා වගේ, මේ උපසිරැසි ගැන හොඳ නරක, ගුණ දොස්, වැරදි අඩුපාඩු, ගල් මල් අපිට කියන්න.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.





Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.


උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.



මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.





සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

Yorumlar


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page