top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

The Princess Switch: Switched Again (2020) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

Updated: Dec 27, 2020


The Princess Switch: Switched Again (2020) මේ කතා මාලාවේ දෙවෙනි එක. පළවෙනි කතාව The Princess Switch මේකෙන් ගිහින් බලන්න. මේ දෙවෙනි චිත්‍රපටිය මේ අවුරුද්දේ නිකුත් කෙරුණු ලස්සනම ලස්සන නත්තල් චිත්‍රපටියක්. නත්තල වෙනුවෙන් ඔයාලාට ගෙනාවේ.


මේ නත්තල් කතාවත්, පළවෙනි කතාව වගේම නත්තල විතරක් යොදාගත්ත ක්‍රිස්තියානි කතාවක් නෙමෙයි. ළමා මනසට ගැලපෙන විදියට, තරුණ පරපුරට කතා කරන චිත්‍රපටියක්. මේකත් ලියලා තියෙන්නේ Robin Bernheim සහ Megan Metzger දෙදෙනා එකතුවෙලා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Mike Rohl. පළවෙනි කතාව අධ්‍යක්ෂණය කරපු කෙනාමයි. ඒ නිසා ඒ විදියටම මේක ලස්සනයි. මේකේ රගපෑමට කලින් යොදාගත්ත නළු නිලියන්ම යොදාගත්ත නිසා, තවත් ලස්සනයි. කලින් ද්විත්ව චරිත කල Vanessa Hudgens මේ පාර ත්‍රිත්ව චරිතයක් නිරූපණය කරනවා. ඇය සමග Sam Palladio, Nick Sagar සහ Suanne Braun රගපෑමෙන් එක්වෙනවා.


මේ චිත්‍රපටියේ ratings බැලුවොත් , IMDB 5.3, Rotten Tomatoes 64%, Google users 91% අගයන් තමයි අරගෙන තියෙන්නේ.


මේ චිත්‍රපටියේ කතාවෙත් කලින් වගේම මාග්‍රට් සහ ස්ටේසි දෙන්නා තමන්ගේ ස්ථාන මාරු කර ගැනීම තමයි ප්‍රධාන සිද්ධිය. හැබැයි මේකට තව කෙනෙක් එකතු වෙනවා. කවුද කියලා බලාගන්න චිත්‍රපටියෙන්. කලින් කතාව ඉවර වෙලා, ස්ටේසි සහ එඩ්වඩ් විවාහවෙනවානේ. ඊටපස්සේ මාග්‍රට්, කෙවින් එක්ක එකතු වෙන්න ගියත්, ඒ දෙන්නාගේ ආදර කතාව ඉක්මනින් කෙලවර වෙලා. දැන් ඒක ආයෙත් ගොඩනගන්න ස්ටේසි සහ ඔලිවියා එකතු වෙලා දියත් කරන වැඩපිළිවෙල තමයි මේ චිත්‍රපටියේ තියෙන්නේ. ඉතිං මේ වැඩේ සාර්ථක වෙන ප්‍රමාණය දැනගන්න, චිත්‍රපටිය ඉවර වෙනකල්ම බලන්න වෙනවා.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.





Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙයි. වෙන කොහේවත් නෑ.






චිත්‍රප‌ටිය බාගන්න පුළුවන් මේ තැන් වලින්...





සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

1 Comment


බොහොම ස්තූතියි සබ් එකට 🙂❤️...

සුබ නත්තලක් වේවා Mr. අලහකෝන් 🎄🎉️

Like
Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page