The Return (2024) සිංහල උපසිරැසි

ඉතාකා කියන්නේ දූපත් රාජ්‍යයක්. ඒකේ රජකලේ ඔඩීසියස් කියන රජතුමා. එයා ගොඩාක් යුද්ධයට බර කෙනෙක්. එයා ළඟ හිටියා දක්ෂ නිර්භීත මිනිස්සු හිටපු ලොකු හමුදාවක්. ඒ නිසා එයා යුද්ධයට පෙළඹුනේ කිසිම පැකිළීමකින් තොරව. අවුරුදු විස්සකට කලින්, ඔඩීසියස් තමන්ගේ හමුදාවත් එක්ක ගියා ට්‍රෝයි කියන නගරය ආක්‍රමණය කරන්න. මේ නගරයේ හිටියෙත් ලේසි පාසු හමුදාවක් නෙමෙයි. ඒ නිසා, ඔඩීසියස් හිතපු තරම් ලේසියෙන් ඒ යුද්ධය ජය ගන්න, නිමා කරන්න බැරි වුණා.
මේ අතරේ, ඔඩීසියස් ආපහු එනකල් බලාගෙන හිටපු ඉතාකා වැසියන් පත්වුනේ දුක්ඛිත තත්වයකට. රාජ්‍යයේ පාලන කටයුතු හරියට සිද්ධ වුනේ නෑ. ඒ අතරේ, අසල්වාසී ප්‍රභූවරුන් ඇවිත්, රැජිණව විවාහ කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඇයගේ කැමැත්ත ලැබෙන තුරු තමයි හැමෝම බලාගෙන ඉන්නේ. සමහර අය ඇවිත් හිටියේ වස්තු තණ්හාවෙන්. සමහරු ඇවිත් හිටියේ බල තණ්හාවෙන්. මේ පිනලොපී රැජිණ කොහොමද මේ දේවල් දරාගන්නේ? හැමදාම විවාහය කල් දැම්මත්, දැන් ඇයට කෙනෙක් තෝරගන්න සිද්ධ වෙලා. මේක ඉස්සරහාට වෙන්නේ කොහොමද කියලා තමයි චිත්‍රපටියේ තියෙන්නේ.
චිත්‍රපටිය බලන්න කලින් දැනගන්න දෙයක් තියෙනවා. මේක වැඩිහිටියන්ට සුදුසු චිත්‍රපටියක්. නිරුවත් දර්ශණ, ලිංගික කාමුක දර්ශණ සහ ලේ වැගිරීම් ගොඩාක් තියෙනවා. ඒ නිසා දැනගෙන බලන්න.
Uberto Pasolini තමයි මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ. අතීත කතාවක් පාදක කරගෙන නිර්මාණය වුණු කතාවක් මේ. ඒ කියන්නේ Homer ගේ The Odyssey කතාවෙන් තමයි මේකේ අන්තර්ගතය අරගෙන තියෙන්නේ. අතීත කතාවට හානියක් නොකර, ඒ අතරේ සිද්ධ වුණු අතුරු කතාවක් විදියට තමයි මේක සිද්ධ වෙන්නේ. ඒ නිසා, වෙනස්ම අත්දැකීමක් අරගන්න පුලුවන් මේකෙන්. රඟපෑමෙන් දායක වෙනවා, Ralph Fiennes (ඔඩීසියස්), Juliette Binoche (පිනලොපී රැජිණ), Charlie Plummer (ටෙලිමාකස්) ඇතුලු පිරිසක්.
Web ratings ගැන හොයලා බලනකොට, මේ ලිපිය ලියන මොහොතේදී IMDb 6.2, Rotten Tomatoes 78%, Metacritic 67%, Google Users 59% වගේ අරගෙන තිබ්බා. මේවා ඉතිං නිතර වෙනස් වෙන ඒවානේ. මගේ අදහස නම්, මේ මොනවා වුනත්, අතීත කතා වලට ආස කෙනෙක් නම්, මේක බලන්නම ඕනේ චිත්‍රපටියක්. වෙනස් අත්දැකීමක්.
වැඩි කතාවක් නැතුව අපි චිත්‍රපටිය රස විඳිමු. අපි හිතනවා මේ සිංහල උපසිරැසිය ඔයාලාගේ රස වින්ඳනයට රුකුලක් වේවි කියලා.
චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.
Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.
උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.
සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!
Комментарии