top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

The Sea Beast (2022) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

The Sea Beast (2022) මේ අවුරුද්දේ නිකුත් කෙරුණු තවත් ලස්සන animation චිත්‍රපටියක්. මේකත් නිකුත්කෙරුනේ Netflix ආයතනයෙන්. ඒ නිසාමදෝ, මේකට ලොකු ජනප්‍රියතාවයක් ලැබුනා. රේටිං ගැන බැලුවාම, මේ ලිපිය ලියන මොහොතේදී, IMDB 7.1, RottenTomatoes 95%, Metacritic 74%, Google Users 92% කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. සෑහෙන ලොකු ප්‍රේක්‍ෂක ආකර්ෂණයක්.


ඒ වගේමයි, මේ චිත්‍රපටියේ තිර රචනය. කරලා තියෙන්නේ Chris Williams සහ Nell Benjamin. ඔවුන් දෙදෙනා, මේ චිත්‍රපටිය සෑහෙන දුරට තාත්වික කරන්න උත්සාහ කරලා තියෙනවා. විශේෂයෙන් දෙබස්. නැවක පාවිච්චි වෙන වචන, වාක්‍යය ඒ විදියටම පාවිච්චි කරලා තියෙනවා. අවාසනාවට, ඒවා වලට සිංහල යෙදුම් නෑ. ඒ නිසා ඉංග්‍රීසි භාෂාවෙන් ඇහුවොත්, ඒක හොඳට නිරීක්ෂණය කරන්න පුළුවන්. අනික, මේ කතාව රජ කාලය හා සම්බන්ධ එකක්. ඒ කාලයේ නාවික ගමනාගමනය කලේ, පැරණි සිතියම්, මිනුම් උපකරන භාවිතයෙන්. ඒවා මේ චිත්‍රපටිය පුරාවටම දකින්න පුළුවන්.


Chris Williams විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටිය, නිෂ්පාදනය කලේ Netflix Animation සහ Sony Pictures Imageworks එකතුවෙන්. කටහඩ ලබාදීමෙන් දායක වෙනවා, Karl Urban (ජේකොබ් හෝලන්ඩ්), Zaris-Angel (මේසී බ්‍රම්බල්), Jared Harris (කපිතාන් ක්‍රෝ), Marianne Jean-Baptiste (සාරා ෂාප්) ඇතුළු පිරිසක්.


කතාව ගැන කෙටියෙන් කියනවා නම්, රජ කාලේ මුහුදේ විශාල ප්‍රමාණයේ මුහුදු ජීවින් ඉඳලා තියෙනවා. ඒ සත්තුන් රාක්ෂයන් විදියට තමයි මිනිස්සු හඳුන්වලා තියෙන්නේ. ඒකට හේතුව, ඒ රාජධානියේ හිටපු දඩයක්කාරයන්. ඔවුන් ගැන ලියවුනු පොත් වල තියෙන්නේ එහෙම. මේ දඩයක්කාරයන් අතරින්, කපිතාන් ක්‍රෝ තමයි දක්ෂම. ඔහු සමඟ ජේකොබ් සිටින නිසා, තවත් කණ්ඩායම ශක්තිමත් වෙලා තියෙනවා. මුහුදු රාක්ෂයන් අතරින් විශාලම එකා තමයි රතු පුරාජේරුවා කියන්නේ. ඌව අල්ලා ගන්න එක තමයි, කපිතාන්ගේ එකම අරමුණ. මේ අරමුණ කරා යන ගමන තමයි මේ කතාවේ තියෙන්නේ. ලස්සන, සංවේදී කතාවක්. මේ සිංහල උපසිරැසියත් එක්ක චිත්‍රපටිය රසවිඳින්න!!


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.


මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!



コメント


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page