top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

The Substance (2024) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

අද මම උපසිරැසි අරගෙන ආපු චිත්‍රපටිය එහෙම්පිටින්ම විකාරයක්. මම කෙහෙල්මල් බහුබූතයක්. චිත්‍රපටිය ගැන වෙළඳ ප්‍රචාර වලදී කෙලින්ම කිව්වේ මේක "ඇත්තටම කෙහෙල්මල් පිස්සු කතාවක්" කියලා. අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් සුදුසු චිත්‍රපටියක් මේක. මේකේ නිරුවත් දර්ශණ වගේම, ලේ සහ අවයව කෑලි කැපෙන දර්ශණ පුරෝලා. ඒක තමයි මේක මහ විකාර පිස්සුවක් කියලා කිව්වේ. හැබැයි, මම වැඩියෙන්ම රේටිං දීපු මේ විකාර වර්ගයට අයත් චිත්‍රපටිය තමයි මේ.


කාටහරි හිතුනොත්, මට වඩා ලස්සන, තරුණ, කඩිසර, කාමුක කෙනෙක් වෙන්න, හැබැයි එයා මගේම කොපියක් වෙන්න අවශ්‍ය නම්... මගේම වෙනස් version එකක්... හැබැයි ඒ මමම තමයි... මේ අමුතු සංකල්පය, කවුදෝ කෙනෙක් හොයාගෙන. එයා ඒක අවශ්‍ය අයට ලබාදෙනවා. අපේ කතා නායිකාව, ස්පාකල්, එයාගේ පනස් වෙනි උපන්දිනයේදී තීරණය කරනවා මේක අත්හදා බලන්න. ඒකෙන්, එයාට බලාපොරොත්තු වෙච්ච දේ ලැබෙනවාද? ඇත්තටම තමන්ගේම හොඳ මාදිලියේ කෙනෙක් වෙන්න පුළුවන්ද? මේක තමයි මේ චිත්‍රපටියේ කතාව... පට්ට පිස්සුවක් නේද?


Coralie Fargeat කියන ප්‍රංශ අධ්‍යක්ෂකවරියට තමයි මේ වගේ පිස්සුවක් කරන්න අදහස පහළ වෙලා තියෙන්නේ. එයාගේම තිර රචනයකට, එයාම නිෂ්පාදනයෙන් සම්බන්ධ වෙලා මේ චිත්‍රපටිය නිර්මාණය වෙන්නේ. ඇත්තටම මේ ඇයගේ දෙවෙනි චිත්‍රපටිය. හැබැයි, පරණ කාලේ අති දක්ෂ නිළියක්ව මේ චිත්‍රපටියට සම්බන්ධ කරගෙන තියෙනවා. ඒ Demi Moore. අනූගනන් වලදී ගොඩාක් චිත්‍රපටි වල ප්‍රධාන චරිතය කරපු නිළියක්. එතකොට, මේ චිත්‍රපටියට රංගනයෙන් දායක වෙන අය ගැන ආයේ බලමු. Demi Moore (එලිසබත් ස්පාකල්), Margaret Qualley (සූ), Dennis Quaid (හාවී), Edward Hamilton Clark (ෆ්‍රෙඩ්) ඇතුළු ඉතා සීමිත පිරිසක්.


මම හැමදාම කියනවා වගේ, දැන් අය චිත්‍රපටි බලන්නේ රේටිං හොඳ නම් විතරයිනේ. මේ ලිපිය ලියන මොහොත වෙනකොට මේ චිත්‍රපටිය ලබාගෙන තිබ්බ රේටිං, IMDb 7.6, Rotten Tomatoes 91%, Mtacritic 78%, Google Users 79%. හැම වෙබ් අඩවියකින්ම හොඳ නමක් ගන්න මේ දවස්වල ලේසි වැඩක් නෙමෙයි. හැබැයි, මේ පිස්සු විකාර චිත්‍රපටිය ඒ වැඩේ කරලා තියෙනවා.


ආදායම් වාර්ථා අතරිනුත් ඉතා හොඳ මට්ටමක තියෙනවා කියලා ආරංචියි. මේ වෙනකොට චිත්‍රපටිය ඩොලර් මිලියන 39කට ආසන්න මුදලක් උපයාගෙන තියෙනවාලු. ලේසි පාසු වැඩක් නෙමෙයි.


එහෙනම්, හැමදාම කියනවා වගේ, මේ උපසිරැසියත් එක්ක මේ චිත්‍රපටිය රස විඳින්න. නොතේරෙන තැන් තේරුම් ගන්න මේ උපසිරැසිය ප්‍ර‌යෝජනවත් වේවි.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.


උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.


මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

留言


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page