top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

The Wandering Earth II (2023) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

අපි කලින් අරගෙන ආපු The Wandering Earth (2019) චීන චිත්‍රපටිය හැමෝම බලන්න ඇති කියලා හිතනවා. මේ තියෙන්නේ, ඒ් චිත්‍රපටියේ දෙවෙනි කොටසේ උපසිරැසිය. The Wandering Earth II (2023). ගොඩාක් අය බලාපොරොත්තු වුනේ, මේ දෙවෙනි චිත්‍රපටියෙන්, පළවෙනි කතාව ඉවර වුන තැන ඉඳලා ඉදිරිය දැකගන්න. හැබැයි, මේකේ තියෙන්නේ ඒ සිද්ධි දාමයට කලින් සිදුවුණු සිදුවීම්. පළවෙනි කතාවේ අපි දැක්කේ, පෘථිවි සවාරිය ආරම්භ කරලා, බ්‍රහස්පති ළඟට යන කොටස. මේ, ඒ් වෙනකොට වන්ද්‍රයා නැතිවුනේ කොහොමද, පෘථිවි ඒන්ජිම් පණගැන්වුනේ කොහොමද කියලා පැහැදිලි කරන කොටසක්.


මේ චිත්‍රපටිය, පළවෙනි එකට වඩා සාර්ථකයි කියලායි මගේ පුද්ගලික අදහස. මේ කතාවේදී, අසාමාන්‍ය විදියට තීරණ ගන්න පුළුවන් තරුණ අය නෑ. සියළු වැදගත් තීරණ අරගන්නේ, අත්දැකීම් බහුල සහ දැනුම් තේරුම් තියෙන අය. ඒ වගේම, ඒ තීරණ තර්කාණුකූලයි. මුරණ්ඩු වැඩ කරලා, පස්සේ වීරයෝ වෙන චරිත මේකේ නෑ. ඒ නිසා, උද්යෝගයෙන් බලන්න පුළුවන් කතාවක්.




පළවෙනි චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරපු Frant Gwo තමයි මේකත් අධ්‍යක්ෂණය කලේ. පිටපතත් ඔහුගේම එකක්. සුපුරුදු පරිදි, Liu Cixin විසින් නිර්මාණය කරපු The Wandering Earth නවතකාවෙන් තමයි චරිත සහ සිදුවීම් අරගෙන තියෙන්නේ. රඟපෑමෙන් දායක වුනා, Wu Jing (ලියු පේකුයෑන්ග්), Andy Lau (ටූ හෙන්ගියු), Sha Yi (ෂැන් පෙන්), Wang Zhi (හන් ඩෝඩෝ) ඇතුළු පිරිසක්.


Web ratings ගැනත් ටිකක් කියන්න හිතුවා. මේ ලිපිය ලියන ‍මොහොත වෙනකොට, IMDb 7.1, Rotten Tomatoes 79%, Google Users 93% මේකට කැමැත්ත දීලා තියෙනවා. ඒ අතින් ‍මේක සාර්ථක නිර්මාණයක් කියන්න පුළුවන්.


එහෙනම්, මේ සිංහල උපසිරැසියත් එක්ක, චිත්‍රපටිය රස විඳින්න ආරාධනා කරනවා. හැමදාම වගේ, මේ ගැන අදහස් උදහස් අපිට කියන්න. ඒක අපිට ‍ගොඩාක් වටිනවා.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.



මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page