top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

The War with Grandpa (2020) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

The War with Grandpa (2020) කොරෝනා අවුරුද්දේ අග භාගයේදී නෝර්වේ වලදී ිඑ දැක්වුණු චිත්‍රපටියක්. කුඩා දරුවන් අරමුණු කරගෙන නිෂ්පාදනය වෙච්ච කතාවක් වුනත්, ලොකු පොඩි හැමෝටම මේක විනෝදයෙන් නරඹන්න පුළුවන්. ප්‍රහසන කතාවක් වගේම ආදර්ශමත් කතාවක් විදියටත් මේක හඳුන්වන්න මම කැමතියි. Ratings අතින් වැඩිය ලොකු තැනකට එන්න නොලැබීම අභාග්‍යයක්. මේ චිත්‍රපටිය මීට වඩා රසිකයන් අතරට යා යුතු එකක්. අද මේ ලිපිය ලියනවිට IMDB 5.6, RotenTomatoes 29%, Google Users 73% ලබාගෙන තිබුණා.


Tim Hill විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ තිර රචනය කලේ Robert Kimmel Smith. රඟපෑමෙන් දායක වුනා සුපිරි වයසක නළු Robert De Niro (එඩ්) සමඟින් Oakes Fegley (පීටර්), Uma Thurman (සැලී), Rob Riggle (ආතර්), Laura Marano (මීයා) ඇතුළු පිරිසක්. හැමෝම මේ චිත්‍රපටියට සාධාරණයක් ඉටුකලා කියන්න පුළුවන්.


මේ චිත්‍රපටිය ගැන මට කිව්වේ මලීෂ ප්‍රවීන් වීරවර්ධන සහෝදරයා. මේ වගේ ලෝකෙන් හැංගිච්ච ලස්සන කතා හොයලා දෙනවාට, ගොඩාක් ස්තූතියි.


කතාව කෙටියෙන් කිව්වොත්, පීටර් සහ එයාගේ සීයා (එඩ්) ගොඩාක් සමීපව ආදරෙන් ඉන්න දෙන්නෙක්. හැබැයි මේ හැමදේම වෙනස් වෙන්නේ එඩ් තමන්ගේ බිරිඳගේ වියෝවෙන් පස්සේ දුවගේ ගෙදරට පදිංචියට ආපුවාම. එතකොට පීටර්ට එයාගේ වටිනාම වස්තුව සීයාට පරිත්‍යාග කරන්න වෙනවා. කොච්චර අකමැති වුනත්, එයාට කරන්න දෙයක් තිබ්බේ නෑ. මේ නිසා එයා සීයා සමඟ යුද්ධ ප්‍රකාශ කරනවා. මේක සීතල යුද්ධයක්. මේ දෙදෙනා කොහොමද යුද්ධ කරන්නේ? කවුද යුද්ධයෙන් ජයග්‍රහනය කරන්නේ? පවුලේ අනිත් අයට මේ යුද්ධය බලපාන්නේ කොහොමද? මේවා දැනගන්න චිත්‍රපටිය බලන්නම වෙනවා.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.



Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙයි. වෙන කොහේවත් නෑ.



චිත්‍රප‌ටිය බාගන්න පුළුවන් මෙතනින්....





මේ සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

1 Comment


Thank you 🙂

Like
Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page