top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Top Gun: Maverick (2022) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

අද මම අරගෙන ආවේ, ලංකාවේ විතරක් නෙමෙයි, ලෝකෙම ජනප්‍රිය වෙච්ච චිත්‍රපටියක දෙවෙනි දිග හැරුම. මේ තමයි Top Gun: Maverick චිත්‍රපටිය. මේකේ පළවෙනි චිත්‍රපටිය 1986 වර්ෂයේදී නිකුත් කෙරුණු Top Gun චිත්‍රපටිය. 1986 දීත් චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපෑවේ, 2022 වසරේදී දෙවෙනි දිග හැරුමේදී ප්‍රධාන චරිතය රඟපාන Tom Cruise ම වීම එක අතකින් පුදුමයක්. ඒ තරුණ කාලේ තිබුණු ජවය, අවුරුදු 35කට පසු වුවත් එලෙසම පැවතීම, ඔහුගේ දක්‍ෂ රඟපෑමේ හැකියාව මොනවාට විදහා දක්වන්නක්.


මේ චිත්‍රපටිය ලබාගත් ජනප්‍රියතාව ලේසි පහසු එකක් නෙමෙයි. සාමාන්‍යයෙන් web ratings වල මේ තරම් අගයක් අරගන්න ලේසි නෑ. මේ ලිපිය ලියන‍ මොහොතේදී IMDB 8.5, RottenTomatoes 96%, Metacritic 78%, Fandango 99%, Google Users 91% කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. මේක ඇත්තටම ලොකු අගයක්.




Tom Cruise කියන්නේ ඇත්තටම ගුවන් නියමුවෙක් කියන එක ගොඩාක් දෙනෙක් නොදන්න කාරණයක්. මේ චිත්‍රපටියේ එක් අවස්ථාවක තියෙනවා, දෙවෙනි ලෝක යුද්ධයේ දර්ශණ පෙලක්. මේකට යොදාගෙන තියෙන ගුවන් යානය, Tom Cruise ට අයිති එකක් කියලා කියවෙනවා. ඒ වගේම, චිත්‍රපටිය සඳහා කෙරුණු සමහර ගුවන් සංදර්ශණ වලට ඔහු සහභාගී වෙලා තියෙනවාලු.


හිතාගන්න අමාරු ආදායම් වාර්තාත් මේ චිත්‍රපටිය සතු වුනා. නිෂ්පාදන වියදම විදියට සඳහන් කරන්නේ ඩොලර් මිලියන 170ක්. හැබැයි, මේ වෙනකොට චිත්‍රපටිය ලෝ‍කේ පුරා තිරගත කරලා ලබාගෙන තියෙන ආදායම ඩොලර් මිලියන 1,422 පමණ වෙනවා ($1,422,385,348). මේ චිත්‍රපටිය නිකුත් කෙරුනේ 2022 මැයි 27 වෙනදා. එතකොට ඇත්තටම මේ ආදායම හොයන්න ගත කරලා තියෙන්නේ මාස තුනකට පොඩ්ඩක් වැඩි කාලයක්.


Joseph Kosinski විසින් අධ්‍යක්‍ෂණය කරපු මේ චිත්‍රපටිය Jerry Bruckheimer, Tom Cruise සහ David Ellison විසින් නිෂ්පාදනය කරනු ලැබුවා. Paramount Pictures තමයි චිත්‍රපටිය ලොව පුරා බෙදාහරින වගකීම අරගත්තේ. රඟපෑමෙන් දායක වුනා, Tom Cruise (මාවෙරික්), Val Kilmer (අයිස්), Miles Teller (රූස්ටර්), Jennifer Connelly (පෙනී), Monica Barbaro (ෆීනික්ස්), Glen Powell (හැන්ග්මෑන්) ඇතුළු පිරිසක්.


කතාව කියනවාට වඩා හොඳයි බලන එක. ඒ තරම්ම ත්‍රාසජනක චිත්‍රපටියක්. නීත්‍යානුකූල නොවන යුරේනියම් විදුලි බලාගාරයක් නිසා ප්‍රදේශයට සිද්ධ වෙන්න යන තර්ජණයක් නැති කරන්න තෝ‍රගෙන තියෙන එකම ක්‍රමය ඒ කර්මාන්තශාලාව විනාශ කර දැමීම. නමුත් මේක කරන්න සිදුවෙන්නේ ගුවන් ප්‍රහාර මගින්. අධි ආරක්‍ෂිත ප්‍රදේශයක තනා තිබෙන මේ භූගත ගොඩනැගිල්ල, ගුවන් ප්‍රහාර මගින් විනාශ කිරීම කල නොහැකි කටයුත්තක් විදියට සළකුවේ. නමුත් මාවෙරික් මේ සඳහා විධියක් යෝජනා කරනවා. ඒ ගැන තමයි කතාව දිවෙන්නේ.


චිත්‍රපටිය පුරාවටම තියෙන්නේ ගුවන් ප්‍රහාර සහ ඒ හා සම්බන්ධ සිදුවීම්. ඔවුන් පාවිච්චි කරන වචන ඒවාටම විශේෂිත වූවන්. ඒ වචන වලට සිංහල වචන ගොඩාක් දුරට හොයාගන්න අමාරුයි. එහෙම හොයාගත්තත්, ඒ වචන වල තේරුම හොයාගන්න, බලන අයට ලේසි වෙන්නේ නෑ. ඒ නිසා, පුළුවන් තරම් සරලව, තේරෙන විදියට උපසිරැසිය නිර්මාණය කලා. හොඳට ඉංග්‍රීසි දන්න කෙනෙක්ට, කියන දේම නෙමෙයි මේ ලියලා තියෙන්නේ කියලා හිතේවි. ඒත් මේ උපසිරැසිය හැදුවේ, හොඳට ඉංග්‍රීසි දන්න අය වෙනුවෙන් නෙමෙයි කියලා කියන්න ඕනේ. ඉතිං හැමෝම මේ සිංහල උපසිරැසියත් එක්ක චිත්‍රපටිය රස විඳින්න!


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.


උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.



මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!



Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page