top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

We Have a Ghost (2023) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

අළුත් ගෙදරකට පදිංචියට යනකොට, ඒ් ගෙදර හොල්මනක් හිටියොත් මොකද කරන්නේ? හැමෝම බයවෙලා දුවනවා නේද? ඒත්, මේ අපේ කතානායක පවුල, අළුත් ගෙදරකට යනකොට, ‍හොල්මනක් හමුවෙනවා. කෙවින්, පොඩි පුතාට තමයි මෙයාව හමුවෙන්නේ. හැබැයි, මෙයා බයවෙන්නේ නෑ. ඒ වෙනුවට, හොල්මනව වීඩියෝ කරනවා. මේ වීඩියෝ, සමාජ මාධ්‍ය ජාලා වල පැතිරෙන්නේ හිතාගන්න බැරි තරම් වේගයෙන්. ඒ නිසා, කෙවින්ගේ තාත්තාට, ෆ්‍රෑන්ක්ට ලැබෙන්නේ කීයටවත් හිතුවේ නැති අවස්ථාවක්, මුදල් හම්බකරන්න. හැබැයි, මේ හැමදේම අස්සේ, මේ පවුලට සිදුවෙන්නේ කිසිවෙකුත් නොසිතූ දෙයක්. මේ ගැන බලන්න වෙන්නේ මේ චිත්‍රපටියෙන්ම තමයි.


මම මේ කතා කරන්නේ, We Have a Ghost (2023) චිත්‍රපටිය ගැන. Netflix ආයතනයෙන් ලොවපුරා බෙදාහැරුණු තවත් ලස්සන පවුලේ කතාවක් තමයි මේ. Geoff Manaugh විසින් රචනා කරන ලද Ernest කියන නවකතාව තමයි මේ චිත්‍රපටියට පාදක කරගෙන තියෙන්නේ. Christopher Landon විසින් තිර රචනය කරලා අධ්‍යක්‍ෂණය කරලා තමයි මේක නිර්මාණය වෙන්නේ. තාම මාසයක්වත් නැති වුනත්, මේ වෙනකොටත් හොඳ ආදායමක් හොයාගන්න මේ නිර්මාණය සමත් වෙලා තියෙනවාලු.




රඟපෑමෙන් දායක වෙනවා, David Harbour (අර්නස්ට්), Jahi Winston (කෙවින්), Anthony Mackie (ෆ්‍රෑන්ක්), Isabella Russo (ජෝයි) ඇතුලු පිරිසක්. සියළු දෙනාගේ සමබර දායකත්වයෙන් නිර්මාණය වෙච්ච කතාවක් නිසා, පවුලේ සැමට රස විඳින්න පුළුවන් වෙන්න කතාව තියෙනවා.


එහෙනම්, හැමෝම මේ සිංහල උපසිරැසිය එක්ක චිත්‍රපටිය රසවිඳින්න. හැමදාම කියනවා වගේ, මේ උපසිරැසි වල හොඳ නරක, යෝජනා චෝදනා, ගල් මුල්, අඩුපාඩු අපිට කියන්න. ඒවායෙන් අපිට පුළුවන් අපේ උපසිරැසි වල ගුණාත්මක භාවය තව තවත් වැඩි කරගන්න.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.


උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.


මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!




コメント


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page