top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

1917 (2019) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

1917 කියන්නේ 2019 අවුරුද්දේ නිපදවුණු විශිෂ්ඨතම චිත්‍රපටි වලින් එකක් කිවුවොත් නිවැරදියි. මේ චිත්‍රපටිය සම්මාන කිහිපයකටම නිර්දේශ වෙලා එයින් බහුතරයක් දිනාගෙන තියෙනවා. චිත්‍රපටියේ විශේෂත්වය කියන්නේ මේකේ කැමරාකරණය. එක දිගට ගලාගෙන යන සිදුවීම් මාලාවක් විදියට තමයි මේ චිත්‍රපටිය රෑගත කරලා තියෙන්නේ. කැමරා කෝණ සහ මෙහෙයවීම අති විශිෂ්ඨයි.


මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Sam Mendes විසින්. තිර රචනය ඔහු සහ Krysty Wilson-Cairns විසින් කරලා තියෙනවා. මේකේ විශේෂත්වය වෙන්නේ Sam Mendes ගේ සීයාගේ පළවනි ලෝක යුද්ධ සමයේ අත්දැකීම් තමයි චිත්‍රපටියේ තියෙන්නේ. ඒ කියන්නේ මේක ඇත්ත කතාවක්. හරියටම කියනවා නම්, ඇත්ත සිදුවීම් පාද කරගෙන ගෙතූ කතාවක්. රඟපෑමෙන් දායක වෙනවා Dean-Charles Chapman, George MacKay, Colin Firth ඇතුළු පිරිසක්. රඟපෑම නම් අති දක්ෂයි.


මේ කතාව කෙටියෙන් කිව්වොත්, පළවෙනි ලෝක යුද්ධයේදී බ්‍රිතාන්‍ය හමුදාව අරගන්න වැරදි තීරණයක් නිසා සිදුවීමට ගිය මහා මිනිස් සංහාරයක් නැවැත්වීමට, ලාන්ස් කෝප්‍රල් වරුන් දෙදෙනෙක් ක්‍රියාකරන ආකාරය තමයි චිත්‍රපටියේ තියෙන්නේ. මිනිස්සු 1600කගේ ජීවිත මේ දෙදෙනාගේ අතේ.


මම මුලින් කිව්වා වගේම මේ කතාව එක දිගටම රූගත කරපු එකක්. කැමරාව සිද්ධියෙන් ඉවත් වෙන්නේ එක අවස්ථාවක පමණයි. ඒ අපේ ප්‍රධාන චරිතය සිහි නැති වෙන අවස්ථාවක්. ඒ නිසාම මේකේ එක සිදුවීමක් රූගත කරලා තියෙනවා විනාඩි 8 1/2 ක් එක දිගටම. ඇත්තටම දක්ෂ කැමරා හැසිරවීමක්. ඒ වගේම මේකේ කෙටිම රූගත කිරීමත් තත්පර 39ක්.


මේ චිත්‍රපටියේ උපසිරැසි මීට කලින් Zoom.lk එකේ පළකරලා තිබ්බා. ඒ නිසා මේක එතන පළවෙන්නේ නෑ. මමත් මේක පරිවර්තනය කලේ, මේ චිත්‍රපටියට ආස හිතුන නිසාම සහ අතරමැද තිබුණු ප්‍රංශ දෙබස් ටිකත් සිංහලෙන් ලියන්න හිතුණු නිසා. උත්සාහය හොඳද බලන්නේ ඔයාලා.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.






Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. වෙන කොහේවත් නෑ.



චිත්‍රප‌ටිය බාගන්න පුළුවන් මේ තැන් වලින්...






සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

1 Comment


ගොඩක් ස්තූතියි සබ් එකට 🙂❤

Like
Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page