top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Alien: Romulus (2024) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

රේන් කියන්නේ වේලන්ඩ්-යුටානි පතල් ග්‍රහලෝකයේ වහලෙක් විදියට සේවය කරන කෙනෙක්. එයාගේ අරමුණ තමයි ඉර පායන ග්‍රහලෝකයකට පදිංචියට යන එක. ඒක අවශ්‍ය සුදුසුකම් සපුරලා තිබ්බාත්, වේලන්ඩ්-යූටානි කාර්ය මණ්ඩලය එහෙම ලේසියෙන් කෙනෙක්ව නිදහස් කරන අය නෙමෙයි. රේන් ගේ දෙමාපියන් මිය ගිහින් තියෙනවා පතලක සිදුවූ විෂ වායු මුදාහැරීමක් හේතුවෙන්. දැන් රේන් ට ඉන්නේ වේලන්ඩ්-යූටානි සමාගමෙන් අතහැරලා දාලා තිබිලා, රේන් ගේ තාත්තා විසින් අළුත්වැඩියා කරපු කෘතිම මිනිහෙක් විතරයි.


මේ අතරේ, රේන් ගේ යාළුවෙක්, ටයිලර්, වෙනස් ප්‍රවෘත්තියක් ගෙන එනවා. ඒ එයාලාට ඉර පායන ජනපදයක් වුණු යුවාගා වලට යන්න ක්‍රමයක් හොයාගන්න ලැබුණා කියන පණිවිඩය. මේකට අත්‍යාවශ්‍ය සාධයක් සපුරාගන්න තමයි රේන් ට එන්න කියන්නේ. දැන් තමයි කතාව පටන්ගන්නේ. මොකක්ද රේන් ගෙන් අවශ්‍ය දේ? මෙයාලා යුවාගා යන්න හදන්නේ කොහොමද? මෙයාලාගේ මේ වැඩේ සාර්ථක වෙයිද?


මම මේ කියපු කතාව තියෙන්නේ Alien: Romulus (2024) චිත්‍රපටියේ. Fede Álvarez විසින් තිර පිටපත ලියලා, අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටියක් තමයි මේ. Dan O'Bannon සහ Ronald Shusett දෙන්නාගේ චරිත පදනම් කරගෙන තමයි මේ කතාව ලියවිලා තියෙන්නේ. රඟපෑමෙන් දායක වෙනවා, Cailee Spaeny (රේන්), David Jonsson (ඇන්ඩි), Archie Renaux (ටයිලර්), Isabela Merced (කේ) ඇතුළු පිරිසක්. මෙයාලාගේ අති දක්ෂ රඟපෑම තමයි මේ චිත්‍රපටිය සාර්ථක වෙන්න ප්‍රධානතම හේතුවක් වෙන්නේ.


මේ පිටසක්වල චරිත පදනම් කරගෙන Alien නමින් නිර්මාණය වුණු හත්වෙනි කතාව. Alien, Aliens, Alien 3 (1992), Alien Resurrection (1997), Prometheus (2012), Alien: Covenant (2017) කියන චිත්‍රපටි හය මීට කලින් නිර්මාණය වුණා. මේ හත්වෙනි නිර්මාණයට වැඩිපුරම පාදක කරගෙන තියෙන්නේ Alien සහ Prometheus චිත්‍රපටි දෙක. මේවා බලලා නෑ කියලා මේ චිත්‍රපටිය රසවිඳින්න කිසිම බාධාවක් නෑ. හැබැයි, සමහර දේවල් වැඩිදුර සම්බන්ධතා හොයාගන්න නම්, අඩු තරමින් උඩ සඳහන් කරපු චිත්‍රපටි දෙකවත් බලලා තිබ්බා නම් හොඳයි.


හැමෝම දැන් චිත්‍රපටි බලන්න කලින් හොයන්නේ ඒවායේ web ratings ගැනනේ. ඒ නිසා, මේ ලිපිය ලියන මොහොත වෙනකොට ලබාගෙන තිබ්බ ප්‍රෙක්ෂක ප්‍රතිචාර කියන්නම්. IMDb 7.2, Rotten Tomatoes 80%, Metacritic 64%, Google Users 90% තම කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. චිත්‍රපටිය නිකුත් කලේ 2024 අගෝස්තු මැද. මේ වෙනකොටත් ලබාගෙන තියෙන ආදායම ඩොලර් මිලියන 350කට වැඩියි.


එහෙනම්, මේ සිංහල උපසිරැසිය එක්ක හැමෝම මේ චිත්‍රපටිය රස විඳින්න. මම බලාපොරොත්තු වෙනවා, මේ උපසිරැසිය නිසා, කෙනෙකුට චිත්‍රපටිය තේරුම් ගෙන රසවිඳින්න හැකිවෙන්න ඇති කියලා. හැමෝටම ජයවේවා!!!


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.


උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.



මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page