Cleaner (2025) සිංහල උපසිරැසි

ජොආනා ලෝක්, නැත්නම්, ජෝයි රැකියාව විදියට කලේ ඉතා උස ගොඩනැගිලි වල පිටතින් වීදුරු පිරිසිදු කිරීම. මේක ඇත්තටම ලේසි රාජකාරියක් නෙමෙයි. ඒකට උස තැන් වලට යන්න බය නැති වෙන්න ඕන වගේම ඉතා ලොකු නිර්භීතකමක් තියෙන්න ඕනේ. ජෝයිට මේක කරන්න පොඩි කාලේ වෙච්ච සිදුවීම් උදව් වෙලා තියෙනවා. එයාගේ තාත්තා, ගොඩාක් දරුණු ගති තියෙන කෙනෙක්. එයා නිතරම, බාල පුතා, මයිකල්ට කේන්තියෙන් කතා කරනවා. මේක ඉවසගෙන ඉන්න අකමැති ජෝයි කරන්නේ, තමන් ජීවත් වුනු උස ගොඩනැගිල්ලේ ජනේලයකින් එලියට ගිහින්, කුඩා ඉඩ ප්‍රමාණයක ඉඳගෙන ඉන්න එක. මේ නිසා තමයි ජෝයි උස තැන් වලට බය නැති වෙන්නේ. මේ අවුරුදු විස්සකට කලින් සිදුවීමක්.
වර්තමානයේ, එක දවසක් රැකියාවට එන ජෝයිට සිදුවන්නේ අනපේක්ෂිත සිදුවීම් රැසක්. ඇයගේ සහෝදරයා මේ වෙනකොට ඉන්නේ, අනාත නිවාස වල හෝ රැඳවුම් නිවාස වල. ඒ එක් නිවසකින් ඔහුව ඉවත් කරනවා, මයිකල් කරපු අනවසර පරිගණක ඇතුල්වීමක් නිසා. ඒ දවසේ, ජෝයිට සිදුවෙනවා, මයිකල්වත් රැකියාව කරන ස්ථානයට අරගෙන යන්න. මෙහිදී සිදුවෙන දේවල් දැනගන්න නම්, චිත්‍රපටිය නරඹන්න වෙනවා. මොකද මම තව විස්තර කිව්වොත්, මම ගත්ත විනෝදය ඔයාලාට අරගන්න බැරිවේවි.
මේ චිත්‍රපටිය Martin Campbell ගේ අධ්‍යක්ෂණයක්. බ්‍රිතාන්‍ය තිර රචකයන් වෙන Simon Uttley, Paul Andrew Williams සහ Matthew Orton තමයි මේ චිත්‍රපටිය ලියලා තියෙන්නේ. රඟපෑමෙන් දායක වෙනවා, Daisy Ridley (ජෝයි), Clive Owen (මාකස්), Taz Skylar (නෝවා), Matthew Tuck (මයිකල්) ඇතුලු පිරිසක්. මේ හැමෝගෙම රංගන දායකත්වය නිසා මේ චිත්‍රපටිය සාර්ථක වෙලා තියෙනවා.
Web ratings ගැනත් ටිකක් කියන්නම්. මම මේ ලිපිය ලියන මොහොත වෙනකොට, IMDb 4.9, Rotten Tomatoes 50%, Metacritic 52%,Google Users 62% අරගෙන තිබ්බා. බ්‍රිතාන්‍ය චිත්‍රපටි වලට ඉතිං ඇමරිකානු ඒවාට වගේ මනාප වැටෙන්නේ නෑනේ.
වැඩි කතාවක් නැතුව අපි චිත්‍රපටිය රස විඳිමු. අපි හිතනවා මේ සිංහල උපසිරැසිය ඔයාලාගේ රස වින්ඳනයට රුකුලක් වේවි කියලා.
චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.
Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.
උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.
චිත්‍රපටිය බාගන්න පුලුවන් ලින්ක් මෙතන තියෙනවා.
සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!
Comments