top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Dungeons & Dragons: Honor Among Thieves (2023) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

එඩ්ගින් ඩාවිස් කියන්නේ හාපර් කියන ගෝත්‍රයේ කෙනෙක්. ඔවුන් අපරාධ, දූෂණ වලට එ‍රෙහිව කිසිම ලාබ ප්‍ර‍යෝජනයක් නොමැතිව සටන් කරන අය. හැබැයි, හදිස්සියේම එඩ්ට හි‍‍තෙනවා, ඉක්මනින් පෝසත් වෙන්න. ඒකේ අතුරු පලයක් විදියට, ඔහුගේ බිරිඳට ජීවිතය පූජා කරන්න වෙනවා. මේ අතරේ, ඔහු කණ්ඩායමක් එකතු කරගෙන, විශාල වස්තුව තියෙන භාණ්ගාරයක් හොරකම් කරන්න යනවා. මොකද, මේ භාණ්ඩාගාරයේ තියෙනවා, මිය ගිය අයට නැවත පණදෙන්න පුළුවන් පලකයක්. එය පාවිච්චි කරලා, බිරිඳට නැවත පණදෙන්න තමයි, ‍එඩ්ගේ අරමුණ. හැබැයි, කිසිම දෙයක්, කිසිම වෙලාවක, හිතපු හෝ සැලසුම් කරපු විදියට වෙන්නේ නෑ.


මේ තමයි Dungeons & Dragons: Honor Among Thieves (2023) චිත්‍රපටියේ කතාවේ මූලික කොටස. ඇත්තටම මේක මීට කලින් තිරගත වුණු චිත්‍රපටි තුනක ඉදිරි දිගහැරුමක්. හැබැයි, මේක ඒ කිසිම චිත්‍රපටියකට මොනම විදියකින්වත් සම්බන්ධයක් නෑ. ඒ නිසා, වෙනම මේක නැරඹීම අවුලක් වෙන්නේ නෑ.




Jonathan Goldstein සහ John Francis Daley විසින් අධ්‍යක්‍ෂණය කරපු මේ චිත්‍රපටිය Paramount Pictures විසින් බෙදාහැරුණු එකක්. Hasbro ආයතනයට අයිති Dungeons & Dragons ක්‍රීඩාව හා සම්බන්ධ කරගෙන තමයි මේ චිත්‍රපටිය නිර්මාණය වෙලා තියෙන්නේ. රඟපෑ‍‍මෙ‍න් දායක වුනා, Chris Pine (එඩ්ගින්), Michelle Rodriguez (හොල්ගා), Regé-Jean Page (සෙන්ක්), Justice Smith (සයිමන්), Sophia Lillis (ඩොරික්) ඇතුළු පිරිසක්.


‍මේ අතරේම web ratings ගැනත් කියන්න ඕනේ. මේ ලිපිය ලියන මොහොත වෙනකොට, IMDb 7.4, Rotten Tomatoes 91%, Metacritic 72%, Google Users 95% ලබාගෙන තිබ්බා. මේකට මේකේ කතාව විතරක් නෙමෙයි, රඟපෑමත් විශාල විදියට දායක වෙලා තියෙනවා.


එහෙනම් සුපුරුදු විදියට මේ සිංහල උපසිරැසියත් එක්ක චිත්‍රපටිය රසවිඳින්න. මේකේ ගුණදොස්, වැරදි අඩුපාඩු, හොඳ නරක, ගල් මල්, අපිට කියන්න. අපි කැමැත්තෙන් ඉන්නවා ඒ්වා බාරගන්න.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.


උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.


මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

ความคิดเห็น


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page