top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Everything Everywhere all at Once (2022)

Nilusha Hemal Alahakoon

Everything Everywhere All At Once (2022) චිත්‍රපටිය මේ අවුරුද්දේ නිකුත් කෙරුණු අමුතුම මාදිලියේ කෘතියක්. විනාඩි 140ක් පුරා දිවෙන කතාව, එක ඇහිපිල්ලමක් නොගහ බලන්න පුලුවන් වෙන්න නිෂ්පාදනය කරලා තියෙනවා. English, Mandarin සහ Cantonese කියන භාෂා තුනෙන්ම මේකේ දෙබස් අඩංගු වෙනවා. ඒක නිසා, මම පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අමාරුවෙන්ම කරපු චිත්‍රපටිය මේක කියන්න පුළුවන්.


වැදගත්ම දෙයක්. මේ චිත්‍රපටිය ඇතුලේ වැඩිහිටියන්ට වඩාත් සුදුසු විහිළු, හාස්‍යජනක දේවල් ඇතුලත් වෙලා තියෙනවා. ඒ නිසා දැනගෙන නැරඹීම සුදුසු බව අවධාරණය කරනවා.


රේටිං වලින් ඉතා ඉහලම අගයක ඉන්න මේ චිත්‍රපටියට හැකි වෙලා තියෙනවා. මේ ලිපිය ලියන අවස්ථාවේ IMDB 8.5, RottenTomatoes 95%, Metacritic 82%, Google Users 92% කැමැත්ත පලකරලා තියෙනවා. මේ තරම් ඉහල අගයක් අරගත්ත චීන සම්භවයක් තියෙන ‍පළවෙනි චිත්‍රපටිය මේකලු. ඩොලර් මිලියන 25ක පමණ වියදමකින් නිෂ්පාදනය වෙච්ච මේ චිත්‍රපටිය, මේ වෙනකොට උපයාගෙන තියෙන ආදායම ඩොලර් මිලියන 63.4ක් පමණ වෙනවාලු.


සුපිරි වීර කතාවලට අභියෝගයක් වෙන විදියට, තේමාව වෙනස්ම විදියට යොදාගත්ත මේ චිත්‍රපටිය, අධ්‍යක්‍ෂණය කලේ සුප්‍රසිද්ධ Daniels. ඒ කියන්නේ Dan Kwan සහ Daniel Scheinert දෙදෙනා. විවිධ visual effects (VFX) ගොඩාක් තියෙන මේ කතාවට, ඒ සඳහා දායක වෙල‍ා තියෙන්නේ අධ්‍යක්‍ෂක දෙපල ඇතුළුව නම දෙනෙක් විතරයි. මේ කිසිම කෙනෙක් මේ විෂය හදාරා නොමැති වීමත් විශේෂත්‍වයක්.


රඟපෑමෙන් දායක වුනා Michelle Yeoh (එව්ලින්), Stephanie Hsu (ජෝ / ජෝබු ටුපාකි), Ke Huy Quan (වේමන්ඩ්), James Hong (ගොන් ගොන්) ඇතුළු පිරිසක්. මුළු චිත්‍රපටියම දිවෙන්නේ ඉතා සීමිත චරිත ප්‍රමාණයක් වටා. ඒ නිසා මේ තෝරාගත්ත නළු නිලියන් පිරිස නිසා චිත්‍රපටිය වර්ණවත් වුනා කියන්න පුළුවන්.


කතාව කෙටියෙන් කියනවා නම්, මැදි වයසේ පසුවෙන එව්ලින්, තම සැමියා සමඟ රෙදි සෝදන ව්‍යාපාරයක් කරගෙන යනවා. දවසක, ආදායම් බදු ආයතනයෙන් කැඳවීමක් ලැබෙන්නේ, නිසි පරිදි බදු ගෙවා නැති බව කියමින්. මේ සඳහා ආදායම් ලදුපත් එකතු කරගෙන එම කාර්යාලයට යන එව්ලින් සහ වේමන්ඩ්ට මුණ ගැහෙන්නේ ඒ සම්බන්ධ නිළධාරිණියක්. එව්ලින්ට එහිදි මුහුණ පාන්න සිදුවෙන්නේ කිසිවෙක් කිසිවිටෙක බලාපොරොත්තු නොවුණු සිදුවීම් දාමයකට. බහු විශ්ව සංකල්පය සත්‍යක් බව ඇයට වැටහෙන්නේ ඒ සිදුවීම් සමූහයත් සමඟින්. මේ ගැන වැඩි තොරතුරු, මේ සිංහල උපසිරැසියත් එක්ක චිත්‍රපටිය නරඹලා, රස විඳලා දැනගන්න.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.






Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.


මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.





සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!




Comentários


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page