top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Fake Bodyguards (2021) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

Fake Bodyguards (2021) මේ අවුරුද්දේ නිෂ්පාදනය කෙරුණු චීන චිත්‍රපටියක්. වසංගත තත්වය කොච්චර තිබුණත් අති සාර්ථක ලෙස ආදායම් වාර්ථා තියන්න මේ චිත්‍රපටියට හැකිවුනාලු. ඒ නිසාම මම මේක සිංහල රසිකයන්ට බලන්න පරිවර්තනය කලේ. Ratings: MyDramaList 5.9/10, iQiYi 8.2/10 ලබාගෙන තියෙනවා මේ කතාව.


අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jiang Xiaotong කියන තරුණ අධ්‍යක්ෂකවරයා. ජනප්‍රිය චිත්‍රපටි හතරක් මේ වෙනකොට ඔහු විසින් නිර්මාණය වෙලා තියෙනවා. මෙහි රඟපෑමෙන් දායක වෙනවා Wang Taili, Ada Liu, Yin Xiao Tian ඇතුළු පිරිසක්. නොදන්නා භාෂාවකින් තිබුනත් රස විඳින්න ලොකු බාධාවක් නොවෙන්න මේ අය රඟපාලා තියෙන බව නම් කිවයුතුමයි.


කතාව ගැන කියනවා නම්, අපේ ප්‍රධාන චරිත තුන් කට්ටුව ජීවත් වෙන්නේ සංචාරක මගපෙන්වන්නන් විදියට රැකියාවක් කරමින්. නීත්‍යානුකූල නොවන විදියට අහඹු ලෙස සංචාරකයන් තෝරාගෙන, එයාලාට මග පෙන්වන එක තමයි මෙයාලාගේ රස්සාව. හදිස්සියේ දවසක්, මෙයාලාට අහඹු ලෙස මුණ ගැහෙනවා මහාචාර්ය චෙන්ව. හැබැයි ඔහු බලාපොරොත්තුවෙන් ඉන්නේ පුද්ගලික ආරක්ෂකයෝ තුන්දෙනෙක්ව. ඉතිං, අපේ තුන්කට්ටුව තැනේ හැටියට ඇණේ ගහනවා. පුද්ගලික ආරක්ෂකයෝ විදියට පෙනී සිටිනවා. එයාලාගේ අනාගතේ කොහොම වෙයිද කියලා තමයි මේ චිත්‍රපටියේ තියෙන්නේ. විද්‍යාත්මක පසුබිමක ප්‍රහසන චිත්‍රපටියක් නිර්මාණයට ගත්ත උත්සාහයක්.


Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙයි. වෙන කොහේවත් නෑ.



චිත්‍රප‌ටිය බාගන්න පුළුවන් මේ තැන් වලින්...






සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

1 Comment


Thank you 🙂

Like
Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page