top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Fatman (2020) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

Fatman (2020) කියන්නේ නත්තලට ගහපු නත්තල් චිත්‍රපටියක්. නත්තලට ගොඩාක් කලින් නත්තල් චිත්‍රපටියක් නිකුත් කෙරුනාම පුදුමත් හිතුනා. හැබැයි, මේක බැලුවාම තමයි තේරෙන්නේ, මේක නත්තලට එහා ගිය ලස්සන කතාවක් කියලා. කොයි වෙලාවකවත් මේක ක්‍රිස්තියානි කතාවක් වෙන්නේ නෑ. හරිම ලස්සන ත්‍රාසජනක කතාවක්.


මේ කතාවේ ප්‍රධාන නළුවාට අරගෙන තියෙන්නේ ජනප්‍රිය රංගන ශිල්පී Mel Gibson. නත්තල් සීයාගේ චරිතය මාර ලස්සනට නිරූපණය කරන්න මෙයාට හැකිවෙලා තියෙනවා. ඒ වගේමයි මිනීමරුවාගේ චරිතය නිරූපණය කරන Walton Goggins. සුපිරි රංගනයක්. මේ අයට රංගනයෙන් සහයෝගය දක්වනවා Marianne Jean-Baptiste, Chance Hurstfield ඇතුළු පිරිසක්. මේ කතාව ලියලා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Eshom Nelms, Ian Nelms දෙන්නා එකතු වෙලා. හොඳට වැඩේ කරලා තියෙනවා.


දැන් ratings ගැන බැලුවොත්, මේ වෙනකොට ලබාගෙන තියෙන්‌නේ IMDB 6.0, Rotten Tomatoes 45%, Metacritic 40%, Google Users 67% වගේ ප්‍රමාණයක්. හැබැයි මේවා වැඩිවෙයි කියලා හිතෙනවා.


කතාව දිවෙන්නේ, තෑගි දෙන්න තරම් සුදුසු හොඳ කල්ක්‍රියාවෙන් ඉන්න දරුවන් අඩුවීම නිසා, නත්තල් සීයා බංකොලොත් වෙන්න හදන්නේ. ඒ අතරේ, බිලී නැමැති පොඩි දරුවෙක්, නත්තල් සීයාව මරන්න කෙනෙකුට කොන්ත්‍රාත්තුවක් දෙනවා. ඒ එයාගේ මේස් එකට තෑගි වෙනුවට, ගල් අගුරු දාලා තිබීම හේතුවෙන්. නත්තල් සීයා තමන්ගේ ආර්ථික ප්‍රශ්න විසඳන්නේ කොහොමද? ඒ අතරේ එයාව මරන්න එන කෙනාගෙන් බේරෙන්නේ කොහොමද? මිනීමරුවා, කොහොමද නත්තල් සීයා ඉන්න තැන හොයාගන්නේ? මේවා තමයි චිත්‍රපටියේ හොඳම කොටස්.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.






Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙයි. වෙන කොහේවත් නෑ.






චිත්‍රප‌ටිය බාගන්න පුළුවන් මේ තැන් වලින්...






සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!


コメント


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page