top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Flight Risk (2025) සිංහල උපසිරැසි


ඇමරිකානු පාතාල නායකයෙක් වෙන මොරේටි ගේ ක්‍රියාකලාපයන් ගැන සාක්ෂි දෙන්න, එක සාක්ෂිකාරයෙක් ඉන්නවා. හැබැයි, එයා මොරේටි ගේ පාතාල ක්‍රියාකාරකම් ගැන දන්න නිසාම, මාෂල් කාර්යාලයෙන් හැංගිලා ඉන්නේ. මැඩොලයින් නම් මාෂල් නියෝජිතයා මේ සාක්ෂිකාරයාව හොයාගෙන ඇලස්කාවට යනවා. මෙහෙයුම සාර්ථක වෙනවා. හැබැයි, අනපේක්ෂිත දේවල් ගොඩකට මෙයාලා මුහුණ දෙන්නේ ඊටපස්සේ...


Flight Risk 2025 ඇමරිකානු ක්‍රියාදාම චිත්‍රපටියක්. වෙනස් විදියේ කතාවක් තෝරගෙන කරපු චිත්‍රපටියක්. එක පැත්තකින් ලොකු දර්ශණ, සිද්ධි නැති වුනත්, කම්මැලි නැතුව බලන්න පුළුවන් විදියට නිර්මාණය කරලා තියෙනවා. අධ්‍යක්ෂකතුමා කියන විදියට, මේක දවස් 11කින් රූගත කරලා ඉවර කරාලු. හැබැයි, සංස්කරණ කටයුතු අවසන් කරලා, චිත්‍රපටිය බලනකොට, මුළු චිත්‍රපටිය තිබ්බේ විනාඩි 91යි. මේක මේ අධ්‍යක්ෂකවරයාගේ අඩුම කාලයකින් යුක්ත චිත්‍රපටිය බවට පත්වුනේ එහෙමයි.


Mel Gibson තමයි මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරයා. අපි හැමෝම මෙයාව දන්නවානේ. එයා මේ පාර තෝරගෙන තිබ්බේ Jared Rosenberg විසින් රචනා කරපු කතාවක්. රඟපෑමට මෙයා තෝරගෙන තිබ්‍බා ජනප්‍රිය රංගන ශිල්පියෙක්. හැබැයි, ඒ නළුවාගෙන් උපරිමය අරගත්තාද කියලා මට නම් සැක හිතෙනවා. රඟපෑමෙන් දායක වුනා Michelle Dockery (මැඩොලයින්), Mark Wahlberg (ගුවන් නියමුවා), Topher Grace (වින්ස්ටන්) ඇතුළු පිරිසක්.


වැඩි කතාවක් නැතුව අපි චිත්‍රපටිය රස විඳිමු. අපි හිතනවා මේ සිංහල උපසිරැසිය ඔයාලාගේ රස වින්ඳනයට රුකුලක් වේවි කියලා.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.



මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

ความคิดเห็น


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page