Hell Fest (2018) සිංහල උපසිරැසි
- Nilusha Hemal Alahakoon
- Nov 19, 2020
- 1 min read

Hell Fest කියන්නේ බය හිතෙන විදියට හදපු ටිකක් අමුතු කතාවක්. ගොඩාක් horror කතා වල තියෙන්නේ හොල්මන් සම්බන්ධ දේවල්. මේක මිනීමැරුම් කරන මානසික අවුලකින් පෙලෙන serial killer කෙනෙක් ගැන කතාවක්. 2018 සැප්තැම්බර් 28, රුසියාවේදී නිකුත් කෙරුණු මේ සිනමා පටය, ඇමරිකානු ඩොලර් මිලියන 18.2ක් උපයා ගත්තා කියලා තමයි කියවෙන්නේ. Gregory Plotkin විසින් අධ්‍යක්ෂණය කරපු මේ කතාවේ ප්‍රධාන චරිත Amy Forsyth, Bex Taylor, Reign Edwards, Christian James තමයි පණ පොවන්නේ. ලංකාවෙත් ජනප්‍රිය හොල්මන් ගුහාවල්, ඇමරිකාවේ තියෙන්නේ ලොකු සැණකෙලි විදියට. මේවා ඇතුලේ විවිධ හොල්මන් ගුහා තියෙනවා. මෙන්න මේ වගේ සැණකෙලියක් පාදක කරගෙන තමයි මේ කතාව දිවෙන්නේ. සැණකෙලිය ඇතුලට ආපු වෙලාවේ සිද්ධ වෙන අමුතු සිදුවීමකින් පස්සේ, එක මනුස්සයෙක් දිගින් දිගමට නටාලි පස්සේ එන්න ගන්නවා. මේ මිනිහා මොන වගේ අනතුරක් අපේ කණ්ඩායමට කරයිද කියලා දැනගන්න, මේ කතාව බලන්න. වැඩි විස්තර බලන්න
Trailer එක මෙතනින්.
බාගන්න පුලුවන් මෙතනින්
උපසිරැසි ගන්න පුලුවන් මෙතනින්.
සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!
Comments