top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Hello Ghost (2010) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

Hello Ghost (2010) ටිකක් පරණ වුනාට ගොඩාක් ලොකු ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත්ත චිත්‍රපටියක්. අන්තර්ජාලයේ තියෙන ratings බැලුවාමත් ඒක හොඳටම පැහැදිලි වෙනවා. IMDB 7.6, RT 85%, MyDramaList 8.1 වගේ අද මේ ලිපිය ලියනකොට අරගෙන තිබ්බා. ඉතිං මේ වගේ ජනප්‍රිය කොරියානු චිත්‍රපටියක් අතහරින්නේ කොහොමද...


කොරියාවේ සෝල් නගරයේ රූගත කරපු මේ චිත්‍රපටිය ලියලා අධ්‍යක්ෂණය කරන්නේ Young-Tak Kim විසින්. ඉතාමත් ලස්සනට ගලාගෙන යන මේ කතාව, පුදුම විදියට හිතන වදිනවා. ඒකට නළු නිළියන්ගේ රඟපෑමත් ගොඩාක් දුරට ඉවහල් වෙලා තියෙනවා. ලොකු ලස්සන අය මේකට අරගෙන නැති වුනත්, චරිතයට හොඳටම ගැලපෙන කෙනාව කෝරගෙන තියෙනවා. රඟපෑමෙන් දායක වෙන්නේ Tae-Hyun Cha (සන්-මන්), Ye-won Kang (යුන්-සූ), Chang-Seok Ko (දුම්බොන හොල්මන), Jang Young-Nam (අඬන හොල්මන) ඇතුලු පිරිසක්. හැමෝම විශේෂ වුනත් ලියන්න ඉඩ නෑනේ.


කතාව කෙටියෙන් කියනවා නම්, අපේ ප්‍රධාන චරිතය (සන්-මන්) උත්සාහ කරන්නේ දිවිනසා ගන්න. නමුත් කොච්චර විදි වලින් කොච්චර සැරයක් උත්සාහ කලත්, දිවිනසා ගන්න ලැබෙන්නේ නෑ. හැමතිස්සේම මොකක් හරි හේතුවක් නිසා බේරෙනවා. එක පාරක් මෙහෙම දිවිනසා ගන්න ගත්ත උත්සාහයක් වැරදිලා නැගිටිනකොට, හොල්මන් පේන්න පටන් ගන්නවා. එයාගේ වටේ හොල්මන් හතරක්. මේ හතරදෙනා සන්-මන් පස්සේ දිගටම එනවා. එයාලාගෙන් ගැලවෙන්න සන්-මන් මොකක් කරයිද? හොල්මන් සමඟ ජීවිතය කොහොමද? සන්-මන් ගේ සිත ගන්න පෙම්වතිය මේක කොහොම බාරගනිවිද?


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.






Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.




උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙයි. වෙන කොහේවත් නෑ.



චිත්‍රප‌ටිය බාගන්න පුළුවන් මේ තැන් වලින්...






සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

1 Comment


Thank you සබ් එකට 🙂

Like
Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page