top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

I See You (2019) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

I See You (2019) රහස් පරීක්ෂක තේමාවක් මුල් කරගෙන ගොතනු ලැබූ වෙනස්ම විදියේ චිත්‍රපටියක්. කතාවේ මුල ඉඳලාම අපි මෙහෙම වෙයි කියලා හිතනකොට, ඒක එහෙම නෙමෙයි කියලා පෙන්වන කතාවක්. දක්ෂ තිර රචනයක් පාදක කරගෙන, සරල වෙනස් කතාවක්, පුදුම කුතුහලයක් තියෙන්න නිර්මාණය වෙච්ච චිත්‍රපටියක් කියලා හඳුන්වන්න පුළුවන්. ඒ නිසාම ඒ අවුරුද්දේ මේක ගොඩාක් ජනප්‍රිය වුනා. අන්තර්ජාලයේ තියෙන විදියට, IMDB 6.8, RottenTomatoes 79%, Metacritic 65%, Google Users 84% මේකට පක්ෂව ඉන්නවා.


මේ චිත්‍රපටියේ, අපේ රටේ සිදුනොවෙන සිද්ධියක් ගැන කතා වෙනවා. ඒ, හොරෙන් කෙරෙන සහජීවිනයක් ගැන. ඒක කෙරෙන්නේ මෙහෙමයි. අධික කාර්යබහුල නිවසක් තොරගන්නවා. දහවල් වරුවේ ගෙදර කිසිවෙක් නැති නිවසක්. ඊටපස්සේ, මේ ගෙදරට හොරෙන් ඇතුල්වෙනවා. දැන් දෙගොල්ලන්ම මේ ගෙදර නිවැසියෝ. හොරෙන් ඇතුල් වෙච්ච අයට තියෙන්නේ, නිවැසියන්ට නොදැනෙන්න, ‍නිවස පාවිච්චි කරලා, ජීවත් වෙන්න. මේක වාර්ථාමය වැඩසටහන් විදියටත් ඇමරිකාවේ කෙරිලා තියෙනවා. හැබැයි, නීතියෙන් තහනම්.


Adam Randall විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ, කතාව සහ තිර රචනය කරලා තියෙන්නේ Devon Graye විසින්. මේ දෙන්නාගේ සාර්ථක ආරම්භය ලස්සන කතාවක් විදියට අපිට දෙන්නේ රඟපෑමෙන් දායක වුනු අය. Helen Hunt (ජැකී), Jon Tenney (ග්‍රේග්), Libe Barer (මින්ඩි), Owen Teague (ඇලෙක්) සහ Gregory Alan Williams (ස්පිට්ස්කි) ඇතුළු පිරිසක් තමා රඟපාන්නේ.


කතාව ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. පොඩි නගරයක අවුරුදු 10ක පමණ දරුවෙක් පැහැරගැනීමකට ලක් වෙනවා. මේ ගැන හොයන්න බාර වෙන්නේ ග්‍රෙග් සහ ස්පිට්ස්කි දෙන්නාට. ‍කරුණු හොයාගෙන යනකොට, මේකට මීට අවුරුදු 15කට පමණ කලින් සිදුවෙච්ච පැහැරගැනීමකට සම්බන්ධ බවට සැක කෙරෙන කරුණුත් හොයාගන්නවා. ග්‍රෙග්ගේ පවුල් ජීවිතයත් එච්චර සාර්ථක නෑ. බිරිඳ, ජැකී ගේ අනියම් සම්බන්ධතාවයක් තමයි හේතුව. මේ ප්‍රශ්න අතරේ, කොහොමද පැහැරගත්ත දරුවාව හොයාගන්නේ? මින්ඩි සහ ඇලෙක් දෙදෙනා මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද? මේවා දැනගන්න, මේ සිංහල උපසිරැසිය සමඟින් චිත්‍රපටිය රසවිඳින්න.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.







Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙයි. වෙන කොහේවත් නෑ.



මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් 720p quality, direct link එකක්.







සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!



Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page