top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Lift (2024) සිංහල උපසිරැසි

සයිරස් කියන්නේ දක්ෂ හොරෙක්. ලොකු වටිනාකම් වලින් යුක්ත කලා කෘති හොරකම් කරන එක තමයි එයාගේ ප්‍රධාන වැඩේ. හැබැයි, මේකට එයාට අති දක්ෂ කණ්ඩායමක් ඉන්නවා. එයාලා එකතු වුනොත්, කරන්න බැරි දෙයක් නෑ. කොරියානු ජාතිකයෙක් නිර්මාණය කරපු, අළුත්ම ඩිජිටල් නිර්මාණයක් හොරකම් කරන්න සයිරස් සූදානම් වෙනවා කියලා, ඉන්ටපෝල් පරීක්ෂක ග්ලැඩ්වෙල් ට ලැබෙන තොරතුරක් පදනම් කරගෙන, එයා වෙනම මෙහෙයුමක් දියත් කරනවා. හැබැයි, සයිරස්, මේ මෙහෙයුම ගැනත් දැනගෙන, කවුරුවත් හිතන්නේ නැති විදියට හොරකම සාර්ථක කරගන්නවා.


කතාව පටන් ගන්නේ දැන්. ඇබි ග්ලැඩ්වෙල් කියන්නේ දක්ෂ නිළධාරිනියක්. ඇයගේ දක්ෂතාවයෙන් ඇය හොයාගන්නවා, සයිරස් කරපු දේවල්. හැබැයි, ඇයගේ උසස් නිළධාරියා, ඇයට බාර දෙන්නේ, වෙනම දෙයක්. මේ වතාවේ ඇයට සිද්ධ වෙනවා, ඇය අහුකරගත්ත හොරා ලවාම, හොරකමක් කරවන්න. මේ ගැන දැනගන්න, මේ චිත්‍රපටිය නරඹන්න වෙනවා.


Daniel Kunka ගේ කතා නිර්මාණයක් තමයි F. Gary Gray අධ්‍යක්ෂණය කරලා සිනමාවට අරගෙන ආවේ. Netflix ආයතනය මේ අවුරුද්දේ මුලින්ම බෙදාහැරීම් කරපු චිත්‍රපටි ගොන්නට මේකත් එකතු කලා. රඟපෑමෙන් දායක වුනා, Kevin Hart (සයිරස්), Gugu Mbatha-Raw (ඇබී), Sam Worthington (හක්ස්ලි) ඇතුළු පිරිසක්.


මේ චිත්‍රපටියෙත් web ratings තියෙන්නේ හරිම අමුතු විදියට. එක වෙබ් අඩවියක ලොකු අගයක් ලබාගන්න මේ චිත්‍රපටිය, තවත් තැනක අඩු මනාප ප්‍රමාණයක් ලබාගන්නවා. මේ ලිපිය ලියන මොහොත වෙනකොට, IMDb 5.5, Rotten Tomatoes 29%, Metacritic 40%, Google Users 64% ලබාගෙන තිබ්බා.


සුපුරුදු විදියටම, මේ සිංහල උපසිරැසිය එක්ක චිත්‍රපටිය රසවිඳින්න කියලා ඉල්ලනවා. හැමදාම වගේ, මේ උපසිරැසි වල ගුණ දොස්, වැරදි අඩුපාඩු, හොඳ නරක, ගල් මල් අපිට කියන්න.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.





Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.



මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.





සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page