top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Lightyear (2022) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

ඔන්න මම 2022 අවුරුද්දේ නිකුත්කෙරුණු තවත් animation චිත්‍රපටියක උපසිරැසි අරගෙන ආවා. මේ Lightyear (2022) චිත්‍රපටිය. විද්‍යාත්මක පසුබිමක ඉඳගෙන, අභ්‍යවකාශ චාරිකාවක් ගැන කියවෙන කතාවක් මේ. ‍එක දිගට එලිදැක්වුණු animation චිත්‍රපටි කීපයක් නිසා, ගොඩාක් අයට මේක මඟහැරුණා වගේ වුනා. කොහොම වුනත්, කතාව ලස්සනයි. Ratings ගැන බැලුවාම, IMDB 5.7, RottenTomatoes 75%, MetaCritic 60%, Google Users 54% වගේ තමයි තම කැමැත්ත ප්‍රකාශ කරලා තිබ්බේ.






Matthew Aldrich, Jason Headley සහ Angus MacLane විසින් රචනා කරපු මේ කතා වස්තුව, චිත්‍රපටියට නගන්න අධ්‍යක්‍ෂණය කලේ Angus MacLane විසින්. Walt Disney Studios Motion Pictures මඟින් බෙදාහැරුණු චිත්‍රපටිය, Walt Disney Pictures සහ Pixar Animation Studios මඟින් නිෂ්පාදනය කෙරුණා. විනාඩි 105ක් පුරා දිවෙන කතාව, එක දිගටම බලන්න පුළුවන් වෙන්න නිර්මාණය වෙලා තියෙනවා. තම කටහඬින් දායක වෙනවා, Chris Evans (බස්), Keke Palmer (ඉසී), Peter Sohn (සොක්ස්) ඇතුළු පිරිසක්.


කතාව තියෙන්නේ, සිසිරතාරක නින්දේ පසුවෙන ගගනගාමීන් පිරිසක් රැගත් අභ්‍යවකාශ යානයක් ගෙදර බලා එන අතර මගදී දකින්න ලැබෙනවා පෘථිවියට සමාන ග්‍රහලෝකයක්. මේ ග්‍රහලෝකය ගැන පරීක්‍ෂා කරන්න බස් ලයිට්ඉයර් සහ අලීෂා හෝව්තෝර්න් තීරණය කරනවා. මේ ග්‍රහලෝකය ජීවත්වෙන්න නුසුදුසුයි කියලා දැනගත්තාට පස්සේ, එයාලා ආපහු එන්න පිටත් වෙනකොට සිදුවෙන්‍නේ, බලාපොරොත්තු නොවුනු සිදුවීමක්. මේ නිසා, සියළුම දෙනාට ඒ ග්‍රහලෝකයේම ඉන්න වෙනවා. මේ අයගේ කතාව තමයි මේ තියෙන්නේ. කට්ටියට ග්‍රහලෝකයෙන් පැනගන්න පුළුවන් වෙයිද? ඉදිරි අනාගතය කොහොමද? මේවා දැනගන්න නම්, මේ සිංහල උපසිරැසිය සමඟින්, චිත්‍රපටිය රසවිඳින්න!


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.


උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.


මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!




Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page