top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Morbius (2022) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

Morbius (2022) චිත්‍රපටිය තවත් එක Marvels නිෂ්පාදනයක්. හැමෝම බලාගෙන ඉන්නේ, එයාලාගේ සුපිරි වීරයොන්ගේ චිත්‍රපටි එලිදැක්වෙනකල්නේ. මේ එයාලා තවත් එක් වීරයෙක් හඳුන්වා දුන් අවස්ථාවක්. වෙනස් විදියක කතාවක් පාදක කරගෙන තමයි චිත්‍රපටිය දිවෙන්නේ. ඒ නිසාම, ඒක ජනප්‍රිය වුනා කියලා මම හිතනවා. ක්‍රියාදාම සහ විද්‍යාත්මක චිත්‍රපටියක් විදියට තමයි මේක එලිදැක්වුනේ. ලස්සනට තාක්‍ෂණය යොදාගෙන නිර්මාණය කරලා තියෙනවා.


චිත්‍රපටි කීපයක්ම අධ්‍යක්‍ෂණය කරපු ස්පාඤ්ඤ ජාතික Daniel Espinosa තමයි ‍මේක අධ්‍යක්‍ෂණය කරන්නේ. මේ ඔහුගේ පළවෙනි Marvels චිත්‍රපටිය. විනාඩි 104ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය Avi Arad, Matt Tolmach සහ Lucas Foster විසින් නිෂ්පාදනය කර Sony Pictures Releasing මගින් බෙදාහැරුණා. රඟපෑම සඳහා යොදාගත්ත නළු නිලියන් ඉතාම දක්‍ෂයි. නම් වශයෙන් කිව්වොත්, Jared Leto (මයිකල් මෝබියස්), Matt Smith (ලුසියන්, මයිලෝ), Adria Arjona (මාටිනි), Jared Harris (නිකොලොස්) ඇතුළු පිරිසක්.


කතාව කෙටියෙන් කියන්නම්. මේක සුපිරි වීර චරිතයක් හෝ සුපිරි දුෂ්ඨ චරිතයක් නිර්මාණය කරන්න Marvels කණ්ඩායම ගත් උත්සාහයක්. ඒක චිත්‍රපටිය බලද්දී තේරේවි. මයිකල් කියන්නේ උපතින්ම හඳුනානොගත්, බෙහෙතක් නැති ජාන රෝගයකට ගොදුරු වූ අයෙක්. ඔහුට රෝහලේදී මුණ ගැහෙනවා ලුසියන්, ඒ වගේම රෝගයෙන් පෙලෙන අයෙක්. මයිකල්ගේ එකම අරමුණ වෙන්නේ, මේ යාළුවාට සුවවෙන බෙහෙතක් සෙවීම. මේ සඳහා ඕනම දෙයක් කරන්න ඔහු පැකිලෙන්නේ නෑ. මේ අරමුණ සාර්ථක වේවිද? ඔහුගේ ඉදිරි ජීවිතය මොනවගේ වේවිද? ‍මයිකල් කියන්නේ වීරයෙක්ද දුෂ්ඨයෙක්ද? මේවා දැනගන්න, මේ සිංහල උපසිරැසිය එක්ක චිත්‍රපටිය රසවිඳින්න.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.





Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.


උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.



මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!


Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page