top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Mummies (2023) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

අද මම සිංහල උපසිරැසි අරගෙන ආවේ ස්පාඤ්ඤ භාෂාවෙන් නිර්මාණය වෙච්ච, හැබැයි ඉංග්‍රීසියෙන් නිකුත් කෙරුණු අළුත්ම animation චිත්‍රපටියකට. මේ තමයි Mummies (2023). ස්පාඤ්ඤ භාෂාවෙන් Momias. Warner Bros. Pictures ආයතනය වෙනුවෙන් නිර්මාණය වෙච්ච මේ චිත්‍රපටිය ඔවුන්ගේ සාර්ථකම නිර්මාණය නෙමෙයි කියලා තමයි බොහෝ දෙනෙක් ප්‍රකාශ කරන්නේ. ඒ්ත්, මේක වෙනස් තේමාවක් අරගෙන තියෙන කතාවක් නිසා, හැමෝටම ඒක විදියට රස විඳින්න පුළුවන් කියලා නම් විශ්වාසයි.




ශ්‍රීමත් සිල්වෙස්ටර් කානබි උතුමාණන් කියන්නේ පුරාවිද්‍යා චක්‍රවර්තී කෙනෙක්. එයාගේ කෞතුකාගාරයට අවශ්‍ය කරන පුරාවිද්‍යා බඩු බාහිරාදිය හොයන්න, එයාම ගවේෂණ කටයුතු කරනවා. මේ අත‍රේ ඔහුට හමුවෙනවා, නෙෆර් කුමරියගේ මමිය තියෙන සොහොන. උද්දාමයෙන් ඒ සොහොන විවෘත කරන ඔහුට දැකගන්න ලැබෙන්නේ හිස් එකක්. මේ අතරේ, අහම්බෙන් වගේ ඔහුට දැකගන්න ලැබෙනවා, ඊජිප්තුවේ හිටපු අශ්ව කරත්ත තරඟකරුවෙකුගේ, තුට්ගේ කුසලාන තියෙන කුටීරයකුත්. මේකෙන් පුරාණ කෞතුක භාණ්ඩ අරගෙන යන සිල්වෙස්ටර් උතුමාණන්, තුට් ළඟ තිබුණු වටිනා දෙයකුත් අරගෙන යනවා. මේක ආපහු අරගන්න කරන වික්‍රම තමයි මේ කතාවේ තියෙන්නේ.


Jordi Gasull ගේ කතා තේමාවක් පදනම් කරගෙන, Juan Jesús García Galocha විසින් අධ්‍යක්‍ෂණය කරපු මේ චිත්‍රපටිය විනාඩි 88ක් පුරා දිවයනවා. කටහඬ ලබා දෙමින් චිත්‍රපටියට දායක වෙනවා, Joe Thomas (තුට්), Eleanor Tomlinson (නෙෆර්), Hugh Bonneville (සිල්වෙස්ටර් කානබි), Shakka (එඩ්) ඇතුලු පිරිසක්.


Animation චිත්‍රපටි වලට කැමති හැමෝටම මෙන්න එහෙනම් උපසිරැසිය. මේ උපසිරැසිය අරගෙන චිත්‍රපටිය බලලා රසවිඳින්න ආරාධනා කරනවා. ඒ වගේම, මම හැමදාම කියනවා වගේ, මේ ගැන අදහස් උදහස්, ‍යෝජනා, වැරදි අඩුපාඩු අපිට කියන්න. ඒවා වලින් අපේ උපසිරැසි වල ගුණාත්මක බව වැඩි කරගන්න පුළුවන්වේවි.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.


මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page