top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

No Escape Room (2018) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

Updated: Jul 17, 2021


No Escape Room (2018) ඇමරිකාවේ ගොඩාක් ජනප්‍රිය ත්‍රාසජනක ක්‍රීඩාවක් තමයි Escape Room කියන්නේ. මේකෙදී ක්‍රීඩාවට සහභාගී වන පිරිසට තියෙන්නේ, කාමරෙන් එලියට යන්න යතුරක් හොයාගන්න එක. හැබැයි ඒක හොයාගන්න, ප්‍රහේලිකා කිහිපයක් විසඳන්න සිද්ධ වෙනවා. මේවා එකිනෙකාගේ බුද්ධි මට්ටම් වලින් සහයෝගය අරගෙන විසඳන්න ඕනේ. හැබැයි මේ ක්‍රීඩාව භයානක හෝ අනතුරුදායක එකක් නෙමෙයි. මෑත කාලයේදී විවිධ චිත්‍රපටි නිෂ්පාදකයන් මේ ක්‍රීඩාව භයානක දෙයක් කරගෙන. මුලින්ම මේක පටන් ගත්තේ SAW චිත්‍රපටි මාලාවෙන්. ඊටපස්සේ එක දිගටම මේ තේමාව ජනප්‍රිය වෙවී ඉදිරියට ගියා. මේ චිත්‍රපටියත්, ඒ තේමාවම මුල් කරගෙන නිර්මාණය වෙච්ච කතාවක්.


Alex Merkin විසින් අධ්‍යක්ෂණය කරපු පළවෙනි බයහිතෙන ත්‍රාසජනක චිත්‍රපටිය තමයි මේ. අනිත් චිත්‍රපටි වලින් වෙනස් වෙන විදියේ කතාවක් ලියලා දුන්නේ Jesse Mittelstadt විසින්. රඟපෑම සඳහා තෝරාගත්තෙත් ගොඩාක් ජනප්‍රිය අයෙ නෙමෙයි. හැබැයි හොඳට රඟපාලා තියෙනවා. නම් වලින් කියනවා නම්, Jeni Ross (කැරන්), Mark Ghanimé (මයිකල්), Dennis Andres (ඇන්ඩෘ), Kathryn Davis (මෙලනි) ඇතුළු පිරිසක්.


කතාව කෙටියෙන් කියන්නම්. කැරන් එයාගේ තාත්තා මයිකල් එක්ක විනෝද චාරිකාවක් ගිහින්. එතනදී ඒක අවලංගු වෙලා ආපහු ගෙදර එන අතරවාරයේ, වාහනේ අබලන් වෙනවා. ඒක හදනකල් කරන්න දෙයක් හොයනකොට තමයි මේ escape room එක හම්බවෙන්නේ. ඒක ඇතුලට ගිය මෙයාලා දෙන්නාට, තව එතනදී තුන් දෙනෙක් හමුවෙනවා. මේ පස්දෙනා, මේකෙන් ගැලවෙන්න දරණ ප්‍රයත්නය තමයි මේ චිත්‍රපටියේ තියෙන්නේ.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.






Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.




උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙයි. වෙන කොහේවත් නෑ.



මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් 720p quality, direct link එකක්.






සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!



1件のコメント


Hashan M. Priyadarshana
Hashan M. Priyadarshana
2021年6月28日

𝑻𝒉𝒂𝒏𝒌 𝒚𝒐𝒖 🙂❤

いいね!
Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page