top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Orang Kaya Baru (2019) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

දුප්පත් කමින් මිරිකිලා, හැබැයි ජීවිතේ අත්‍යාවශ්‍ය හැමදේම ලැබිලා ඉඳලා, එකපාරටම ‍ලොකු පෝසතුන් වුනොත්, මොකද කරන්නේ? හිතාගන්න බෑ ‍නේද? ගොඩාක් අය, තමන්ට කරගන්න බැරිව හිටපු හැමදේම එකපාර කරගන්න බලයි, තවත් අය තමන්ට ලබා ගන්න බැරිව හිටපු දේවල්, ලබාගන්න බලයි, තවත් අය තමන්‍ගේ බලය පෙන්වන්න අවියක් විදියට පාවිච්චි කරයි. ‍මම අද මේ ගෙනාපු චිත්‍රපටියේ තියෙන්නෙත්, ඒ ව‍ගේ සිදුවීමක් ගැන.


එක දුප්පත් පවුලක් තියෙනවා, අම්මා තාත්තා සමඟින් දුවයි පුතාලා දෙන්නයි, සතුටින් සාමදානයෙන් ජීවත්වෙන. දරුවන්ට හොඳ පාසලක උගන්වන්න මේ දෙමාපියෝත් සිහින දැක්කා, ඒ සිහිනය සැබෑ කරගත්තා. හැබැයි, මෙයාලාට ලොකුවට මුදල් නෑ. ඒත්, හදිස්සියේම ලොකු මුදලක් ලැබුනොත්, මොකද කරන්නේ? ඒක තමයි මේ චිත්‍රපටියේ තියෙන්නේ. 2019 අවුරුද්දේ නිකුත් කෙරුණු චිත්‍රපටිය, ඉංදුනීසියාවේ හොඳ ජනප්‍රියතාවයක් ලබාගත්තා.


මේ ඉංදුනීසියානු චිත්‍රපටියේ නම Orang Kaya Baru (2019). සිංහල තේරුම "අළුත් පෝසත්තු". Ody C. Please විසින් අධ්‍යක්‍ෂණය කරපු මේ චිත්‍රපටිය Joko Anwar ගේ නිර්මාණයක්. රඟපෑමෙන් දායක ‍වෙනවා, Raline Shah (ටිකා), Mini Cut (අම්මා), Lukman Sardi (තාත්තා), Fatih Unru (ඩොඩි) ඇතුළු පිරිසක්.


අපිට නිතර හමුනොවෙන චිත්‍රපටියක් නිසා තමයි, පරණ වුනත් මේක තෝරගත්තේ. වෙනස් භාෂා වලින් තියෙන ප්‍රහසන කතා බලන්න කැමති අය‍ට, මේක හොඳ අවස්ථාවක් වේවි. විශේෂයෙන් කියන්න ඕනේ, මේක චිත්‍රපටියට ගැලපෙන විදියට උපසිරැසි සකස් කරලා දුන්න, ලහිරු උදයංග සහෝදරයාට මගේ විශේෂ ස්තූතිය පිරිනමන්න ඕනේ. එයා නැත්නම්, මේක කරන්න වෙන්නේ නෑ...


සුපුරුදු පරිදි, මේ උපසිරැසි එක්ක චිත්‍රපටිය රස විඳලා, මේ උපසිරැසි වල ගුණ අගුණ, වැරදි අඩුපාඩු, ගල් මල් අපිට දෙන්න. ඒකෙන් අපේ ඊළඟ උපසිරැසිය වඩාත් ගුණාත්මක කරගන්න උපකාරයක් වේවි.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.


උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.



මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page