top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Red One (2024) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

නත්තල වෙනුවෙන් අද මම අරගෙන ආවා, නත්තල් චිත්‍රපටියකට සිංහල උපසිරැසි. මේ අවුරුද්දේ නත්තල වෙනුවෙන් චිත්‍රපටි කීපයක්ම නිකුත් කෙරුණා. මේ ඒ අතරින්, මම ආසම නළුවෝ දෙන්නෙක් රඟපාන Red One (2024) චිත්‍රපටිය තමයි මේ.


මේ පාර නත්තලට කලින් දවසේ, හැමෝම කාර්යබහුලයි. මොකද සැන්ටාට තියෙනවානේ පෘථිවියේ හැම ගෙදරකටම ගිහින්, එයාලාගේ තෑගි බෙදා දෙන්න. මේ තෑගි සූදානම් කරන්න තමයි කට්ටියම මේ කාර්යබහුල වෙලා තියෙන්නේ. සැන්ටා හොඳට ඉන්න ළමයින්‍ව හොයාගෙන ගිහින් එයාලාට තෑගි බෙදන අතරතුර, නරකට හැසිරෙන අයගේ ලැයිස්තුවක් හොයාගන්නවා, නත්තලට එරෙහි මායාකාරියක්. මේ මායාකාරිය අපේ සැන්ටාව, ඒ කියන්නේ නත්තල් සීයාව පැහැරගෙන යනවා. ඇය උත්සාහ කරන්නේ, නරකට හැසිරෙන අයට හොඳ පාඩමක් උගන්වන්න, හොඳ දඬුවම් ලබාදෙන්න. මේ උත්සාහය ව්‍යර්ථ කරන්නේ කොහොමද, කවුද කියලා දැනගන්න මේ චිත්‍රපටිය බලන්න වෙනවා.


ඇමරිකාවේ ජනප්‍රිය චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් වෙන Jake Kasdan තමයි මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ. Hiram Garcia ගේ කතා වස්තුව Chris Morgan තමයි චිත්‍රපටියක් විදියට තිර රචනය කරන්නේ. රඟපෑමට තෝරගන්නේ, ක්ෂේත්‍රයේ ඉන්න මේ චරිත වලට හොඳටම ගැලපෙන අයව. චිත්‍රපටිය බල‍නකොට තේරේවි, කොච්චර දක්ෂ විදියට නළු නිලියන්ව තෝරගෙන තියෙනවාද කියලා. රඟපෑමෙන් දායක වෙනවා Dwayne Johnson (කැලම් ඩ්‍රිෆ්ට්), Chris Evans (ජැක් ඕ'මැලී), Lucy Liu (සෝයි), J. K. Simmons (සැන්ටා) ඇතුළු පිරිසක්.


චිත්‍රපටිය නම් සාර්ථක විදියට මේ දවස්වල තිරගත වෙනවාලු. ආදායම් අතිනුත් ඉතා සාර්ථකයි කියන්නේ. මේ වෙනකොටත් ඩොලර් මිලියන 181කට වඩා උපයගෙන තියෙනවාලු. වෙබ් අඩවි වල ප්‍රතිචාර ගැනත් හොයලා බැලුවොත්, IMDb 6.5, Rotten Tomatoes 30%, Prime Video 6.5, Google Users 77% කියන ප්‍රමාණ වලින් ප්‍රතිචාර ලබාගෙන තියෙනවා.


එහෙනම්, හැමදාම වගේ, මේ සිංහල උපසිරැසිය එක්ක චිත්‍රපටිය රස විඳින්න. ජයවේවා!!


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.



මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් තැනක්.





සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page