top of page

Shazam! Fury of the Gods (2023) සිංහල උපසිරැසි


මම හිතනවා හැමෝම Shazam! (2019) බලලා ඇති. ඒකේ දෙවෙනි කොටස විදියට, තව චිත්‍රපටියක් නිකුත් කෙ‍රුණා මේ අවුරුද්දේ. ඒ තමයි Shazam! Fury of the Gods (2023) චිත්‍රපටිය. පළවෙනි එකේ ඉදිරි දිගහැරුමක් කියලා කිව්වත්, ඒක නොබලපු අයට වුනත් මේක රසවිඳින්න ලොකු බාධාවක් නෑ කියලා කියන්න ඕනේ. Warner Bros. Pictures වෙනුවෙන් තමයි මේ චිත්‍රපටියත් නිර්මාණය වුනේ. Box office $128.2 million ක ආදායමක් ලබා ගත්තා කියලා තමයි අන්තර්ජාලයේ සඳහන් වෙන්නේ.


චිත්‍රපටිය අධ්‍යක්‍ෂණය කලේ David F. Sandberg විසින්. චරිත සියල්ල DC කාටූන් චරිත. රඟපෑමෙන් දායක වෙනවා Zachary Levi සහ Asher Angel (බිලි බැට්සන්), Jack Dylan Grazer සහ Adam Brody (ෆ්‍රෙඩී ෆ්‍රීමන්), Rachel Zegler (ඈන්තියා), Lucy Liu (කැලිප්සෝ) ඇතුළු පිරිසක්.




චිත්‍රපටිය ලබාගෙන තියෙන රේටිං ගැනත් වචනයක් දෙන්නම්. තවම නිතුක් කරලා වැඩි දවසක් නැති වුනත්, මේ ලිපිය ලියන මොහොත වෙනකොට, Rotten Tomatoes 50%, Google users 87%, IMDb 6.2 වගේ ලබාගෙන තියෙනවා.


කතාවත් කෙටියෙන් කියන්නම්. කලින් චිත්‍රපටි‍යේ බිලි බැට්සන් කියන පොඩි පිරිමි ළමයාට, සියුස් දෙවියන්ගේ බලය ලැබිලා, ඒකෙන් සතුරන්ට එරෙහිව සටන් කරනවා. අන්තිමේදී එයා එයාගේ පවුලේ අය හැමෝටම, සුපිරි බලයක් ලබාදෙනවා. මේ තමයි මේ කතාවේ ආරම්භය. ඇට්ලස් දෙවියන්ගේ දියණියන් සූදානම් වෙනවා, මේ බලය ආපහු අරගන්න. මිනිස්සුන්ගෙන් පලිගන්න. ඒක කොච්චර දුරට සාර්ථකද කියලා දැනගන්න, මේ කතාව බලන්නම වෙනවා. එහෙනම්, මේ සිංහල උපසිරැසිය අරගෙන චිත්‍රපටිය රසවිඳින්න.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.


උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.


Shazam Fury of the Gods (2023)
.zip
Download ZIP • 60KB

මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!



10 views0 comments
bottom of page