top of page

Texas Chainsaw Massacre (2022) සිංහල උපසිරැසි


Texas Chainsaw Massacre (2022) ඇමරිකාවේ නිෂ්පාදිත තවත් භයානක මිනිමරුවෙක්ගේ කතාවක්. ඇත්තටම මේ චිත්‍රපටිය, කතා මාලාවක නවවන නිර්මාණය. මුලින්ම මේ නමින්ම චිත්‍රපටියක් එලිදැක්වුවේ 1974 දී. එදා මෙදා තුර මේ නම යොදාගෙන, මේ මිනිමරුවාගේ චරිතය යොදාගෙන චිත්‍රපටි නිර්මාණය කෙරුණා. මේ අවුරුද්දේ එලිදැක්වුනු මේ චිත්‍රපටිය, 1974 කතාවේදී බේරුණු එකම කාන්තාව ඇතුලත් වෙච්ච චිත්‍රපටියක්. මේ සියළුම චිත්‍රපටි ආදායම් වාර්තා තබමින් ප්‍රදර්ශනය වුනා. මේ කතාවට අන්තර්ජාලයෙන් ලැබිච්ච ප්‍රතිචාරය IMDB 5.1, Google Users 54% පමණ.


Kim Henkel සහ Tobe Hooper දෙදෙ‍නාගේ නිර්මාණයක් වෙච්ච මේ මිනිමරුවාගේ චරිතය භාවිත කරමින්, Fede Álvarez සහ Rodo Sayagues විසින් නිර්මාණය කරපු තිර රචනයක් තමයි David Blue Garcia විසින් අධ්‍යක්‍ෂණය කලේ. මේ වගේ මිනිමරන චිත්‍රපටි වලදී, හැඟීම් ප්‍රකාශනය වැදගත් නිසා, වැඩි දෙනෙක් සම්බන්ධ වෙන්නේ නෑනේ. ඒත් මේ චිත්‍රපටියට නවක නළු නිලියන් සම්බන්ධ වුනා. රඟපෑමෙන් එක්වෙනවා Sarah Yarkin (මෙලඩි), Elsie Fisher (ලයිලා), Moe Dunford (රිචර්), Jacob Latimore (ඩාන්‍ටේ), Mark Burnham (ලෙදර්ෆේස්) ඇතුළු පිරිසක්.


කලින් චිත්‍රපටි බලලා තියෙන අයටනම් කතාව ගැන අදහසක් ඇති. එහෙම නොබලපු අයටත්, රස විඳින්න බධාවක් නෙමෙයි ඒක. කතාව දිවෙන්නේ, ඩාන්ටේ සහ මෙලඩි දෙදෙනාගේ හීනයක් විදියට තියෙනවා, පරණ අතහැරලා දාපු ගමක් හොයාගෙන, ඒක දියුණු කරලා මිනිස්සු පදිංචි කරවන්න. ඒකට එයාලා තෝරගන්නේ ටෙක්සාස් වල දුෂ්කරම ගමක් වෙච්ච හාර්ලි ගම. එහෙට යන මගදී, ලයිලා, මෙලඩිගේ නංගී, දැනගන්නවා, මිනිමරුවෙක් අවුරුදු පනහකට කලින් එහෙ පදිංචි වෙලා ඉඳලා තියෙනවා කියලා. මේ ගම, අද්භූත ගමක් කියලා පේන්නේ ගියාට පස්සේ. ඩාන්ටේ සහ මෙලඩිට, එයාලා හිතපු විදියට ව්‍යාපාරය කරගන්න පුළුවන් වෙයිද? මිනිමරුවා ආයෙත් සක්‍රිය වෙන්නේ ඇයි? එයාලාගෙන් කවුද බේරෙන්නේ? මේ ගැන දැනගන්න, මේ සිංහල උපසිරැසිය සමඟින් චිත්‍රපටිය රසවිඳින්න.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.





Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.


Texas Chainsaw Massacre (2022)
.zip
Download ZIP • 17KB

මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.





සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!



29 views0 comments
bottom of page