top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

The Flash (2023) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

The Flash රූපවාහිනී කතා මාලාව බලලා තියෙන හැමෝටම, බැරී ඇලන් කියන්නේ කවුද කියන්න අවශ්‍ය නෑනේ. මේ කතාව දිවෙන්නේ ඒ් රූපවාහිණී කතා මාලාවේ එක සිදුවීමක් පදනම් කරගෙන. එක කොටසක තියෙනවා, බැරී ඇලන්, අධිවේගී ශක්තියට යොමුවෙලා, අතීතයට යනවා. ඒ අතීතයේ සිදුවීම් වෙනස් කරලා, අම්මාව බේරගන්න. මේ සිදුවීම තමයි මේ චිත්‍රපටියට පාදක කරගෙන තියෙන්නේ.


මේ කතාවේදී බැරී ඇලන්, නැත්නම් ෆ්ලෑෂ්, අධිවේගී ශක්තියෙන් අතීතයට යන්නේ තමන්ගේ අම්මාව බේරගන්න හිතාගෙන. හැබැයි, ඒ සිදුවීම් වෙනස් කලොත් අනාගතයට විය හැකි දේවල් ගැන, බෘස් වේන්, බැට්මෑන්, අවවාද කරනවා. ඒත්, ඒ කිසිවක් නොසළකා බැරී ඇලන් කරන ක්‍රියාව නිසා, ලොකු කරදර ගොඩකට පත්වෙනවා. මේ සිදුවීම් දැනගන්න, මේ චිත්‍රපටිය බලන්නම වෙනවා.


චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ ආජන්ටින ජාතික Andy Muschietti විසින්. බ්‍රිතාන්‍ය ජාතික රචිකාවක් වන Christina Hodson තමයි මේ චිත්‍රපටියේ තිර රචනය කරන්නේ. DC චරිත තමයි මේකට පාදක කරගන්නේ. Warner Bros. Pictures විසින් ලොව පුරා බෙදාහැරීම බාරගෙන තියෙනවා. රඟපෑමෙන් දායක වෙනවා, Ezra Miller (බැරී ඇලන්), Michael Keaton (බැට්මෑන්), Sasha Calle (සුපර්ගර්ල්), Michael Shannon (ජෙනරල් සොඩ්) ඇතුළු පිරිසක්.




Web ratings ගැන හොයලා බැලුවොත්, මේ ලිපිය ලියන මොහොත වෙනකොට, IMDb 6.9, Rotten Tomatoes 64%, Google Users 80% තම කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා.


එහෙනම්, මේ සිංහල උපසිරැසිය එක්ක චිත්‍රපටිය රස විඳින්න. සුපුරුදු පරිදි, අපේ උපසිරැසි වල තියෙන හොඳ නරක, අඩුපාඩු, ගුණ දොස්, ගල් මල් අපිට කියන්න.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.


උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.


මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!



Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page