top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

The Lost City (2022) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

The Lost City (2022) මේ අවුරුද්දේ නිකුත් කෙරුණු ත්‍රාසජනක වගේම ප්‍රහසනාත්මක චිත්‍රපටියක්. වෙනස් විදියක තේමාවක්, වෙනස් විදියක කතාබහක් එක්ක මේ චිත්‍රපටිය එන්නේ. සමහර දෙපැත්ත කැපෙන වාක්‍ය, සිංහලෙන් ලියන්න අමාරු වෙච්ච තැන බොහෝමයක් මේකේ තියෙනවා. ඒවා ඇත්තටම ඉංග්‍රීසි විහිළු. මම පුළුවන් විදියට ඒවා පරිවර්තනය කලා. වැඩේ සාර්ථකද කියලා බලන ඔයාලා තමයි කියන්න ඕනේ.


මේ ලිපිය ලිය‍නකොට, මේ චිත්‍රපටිය ආදායම් වාර්ථා තියලා තිබ්බා. ආදායම ඩොලර් මිලියට 168කට ආසන්නයි. (අපේ රටේම ඩොලර් සංචිතයත් මෙච්චර තියෙනවාද මන්දා). රේටිං අතිනුත් තරමක් සාර්ථක වෙලා තියෙනවා. IMDB 6.4, RottenTomatoes 79%, Metacritic 60%, Google Users 77% මනාපය පලකරලා තිබ්බා.


මේක නී සහෝදරයන්ගේ නිර්මාණයක්. Adam Nee සහ Aaron Nee තමයි මේක අධ්‍යක්‍ෂණය කරන්නේ. Paramount Pictures විසින් බෙදාහරින ලද මේ චිත්‍රපටිය Fortis Films හි නිෂ්පාදයක්. රඟපෑමෙන් දායක වෙනවා Sandra Bullock (ලොරෙටා), Channing Tatum (ඇලන්), Daniel Radcliffe (ෆෙයාෆැක්ස්), Da'Vine Joy Randolph (බෙත්) ඇතුලු පිරිසක්.


කතාව ‍දිවයන්නේ, ලොරෙටා කියන ආදර කතා කතුවරිය වටා. ඇයගේ අළුත්ම නවකතාව තියෙන්නේ සැඟවුණු නගරයක් ගැන. මේ නගරේ රැජිණ සතු ඔටුන්නක් ගැන කතාවේ සඳහන් වෙනවා. මේ සිද්ධිය ඇත්තක් කියලා විශ්වාස කරන ෆෙයාෆැක්ස් නම් ධනවතෙක්, ලොරෙටාව පැහැරගන්නේ වස්තුව සොයාගන්න පුළුවන් එකම විදිය ඇය කියලා විශ්වාසයෙන්. කතාව තියෙන්නේ ඇයට මුහුණ දෙන්න වෙන අකරතැබ්බ. වැඩි විස්තර දැනගන්න පුළුවන්, මේ සිංහල උපසිරැසිය එක්ක චිත්‍රපටිය රස විඳීමෙන්.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.






Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.


උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.



මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!





Commentaires


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page