top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

The Loud House (2021) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

තවත් ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක් අරගෙන ආවා. Netflix කට්ටියගේ කාටූන් පෙලක් තිබ්බා Loud Family කියලා. ඒක පදනම් කරගෙන මේ පාර එයාලා චිත්‍රපටියක් කරලා The Loud House Movie (2021). ලවුඩ් පවුලේ සියළුම දෙනා ගැන අළුත් තොරතුරු කිහිපයක් වගේම අළුත් වික්‍රමයක් ඇතුලත් කරලා තමයි මේක කරලා තියෙන්නේ. මේ ලිපිය ලියන්නේ චිත්‍රපටිය නිකුත් කරලා දවස් 10කින්. ඒත් මේ වෙනකොටත් IMDB 6.5 ක් අරගෙන තියෙනවා. තව ජනප්‍රිය වෙයි කාටූන් ප්‍රේක්ෂකයන් අතර.


Dave Needham විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටිය Chris Savino ‍ගේ කාටූන් චරිත මූලික කරගෙන තමයි ලියවුනේ. හොඳට ගැලපෙන කටහඬවල් තෝරගත්ත එක මේ චිත්‍රපටිය සාර්ථක වෙන්න තවත් හේතුවක්. Asher Bishop (ලින්කන්), David Tennant (ඇන්ගස්), Michelle Gomez (මෝරාග්) ඇතුළු විශාල පිරිසක් තම කටහඬින් දායක වෙලා තියෙනවා.


කතාව ගැනත් කෙටියෙන් කියන්නම්. හැමෝම දන්නවා ලවුඩ් පවුල ගැන. එයාලාගේ එකම පිරිමි දරුවා, ලින්කන්, හිතනවා එයා අනෙක් සහෝදරියෝ වගේ විශේෂ කෙනෙක් නෙමෙයි කියලා. ඒ නිසා එයා කල්පනා කරනවා එයාලාගේ අතීත මුතුන් මිත්තෝ හිටපු දිහා හොයාගෙන යන්න. මේ යන චාරිකාවේදී එයාලාට මුතුන් මිත්තෝ ගැන විස්තර ලැබෙනවා විතරක් නෙමෙයි, එයාලා හිතාගන්න බැරි කට්ටියක්. මේ අළුත් තොරතුරු ලවුඩ් පවුලට බලපාන්නේ කොහොමද? ඇත්තටම ලවුඩ් පවුල මොනවගේ ‍කට්ටියක්ද? මේ විස්තර දැනගන්න, මේ සිංහල උපසිරැසි එක්ක චිත්‍රපටිය රස විඳින්න.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.






Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙයි. වෙන කොහේවත් නෑ.



මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් 720p quality, direct link එකක්.





සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page