top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

The Princess Switch (2018) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

The Princess Switch (2018) නත්තල පසුබිම් කරගෙන නිෂ්පාදනය වෙච්ච ලස්සන ආදර කතාවක්. නත්තල් සමය එන හින්දා මේක අරගෙන ආවේ, නත්තල තවත් ප්‍රීතිමත් කරන්න හිතාගෙන. මේකේ දෙවෙනි කොටසකුත් නිකුත් වුනා. ඒකත් ඊළගට පරිවර්තනය කරලා දෙන්නම්.


නත්තල් කතා ගොඩාක් අතරේ මේ චිත්‍රපටිය ජනප්‍රිය වෙන්න හේතුවක් තමයි, මේකේ කතා තේමාව වෙනස් වීම. මේක ලියලා තියෙන්නේ Robin Bernheim සහ Megan Metzger දෙදෙනා. හොඳ ලස්සන කතාවක් ලියවිලා තියෙනවා ඔවුන් අතින්. මේක සිනමාවට නගලා තියෙන්නේ Mike Rohl අධ්‍යක්ෂකවරයා අතින්. රඟපෑම සඳහාත් හොඳ නළු නිලියන් පිරිසත් යොදාගන්න මෙයාලා උත්සුක වෙලා තියෙනවා. ඒ අතරින් ද්විත්ව චරිත නිරූපණය කරන ප්‍රධාන නිලිය විශේෂයි. ඇය තමයි Vanessa Hudgens. ඇය සමඟ රඟපෑමෙන් එක්වෙනවා Sam Palladio, Nick Sagar සහ Alexa Adeosun ඇතුළු පිරිසක්.


Ratings ගැන තත්වය හැමදාම කියනවානේ. අද වෙනකොට මේකේ තත්වය IMDB 6, Rotten Tomatoes 75%, Trakt 70%, Google users 94% මට්ටමක තියෙනවා.


කතාව ගෙවෙන්නේ නත්තල් අසිරිය වටා. ස්ටේසි දක්ෂ බේකරිකාරියක්. ඇය යනවා බෙල්ග්‍රේවියාව කියන රටේ බේකරි තරගාවලියකට. එහෙදී ඇයට හමුවෙනවා මොන්ටෙනාරෝ වල ආදිපාදවරිය. ඇය සහ ස්ටේසි ලොකු කුමන්ත්‍රණයක් දියත් කරනවා. මේ ගැන කියනවාට වඩා හොඳයි, බලන එක.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.





Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙයි. වෙන කොහේවත් නෑ.





චිත්‍රප‌ටිය බාගන්න පුළුවන් මේ තැන් වලින්...




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!


1 kommentar


බොහොම ස්තූතියි සබ් එකට 🙂❤️...

ජය වේවා..! 👊👊👊

Synes godt om
Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page