top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

We Can Be Heroes (2020) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

We Can Be Heroes (2020) ළමා චිත්‍රපටියක් වගේ කතාවක්. Fantasy ලෝකෙක සුපිරි වීරයෝ ටිකක් ගැන දිවෙන කතාවක්. ලස්සනට කරලා තියෙන නිසා, දිගටම බලාගෙන යන්න පුළුවන්. විශේෂත්වයක් තියෙන්නේ, ඉන්දියානු බොලිවුඩ් නිළියක් වන Priyanka Chopra මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීම.


විවිධ effects භාවිතා කරලා තියෙන කතාවක් අධ්‍යක්ෂණය කරන එක ලේසි වැඩක් නෙමෙයි. ඒ වගේම ඒ වගේ කතාවක් ලියන එකත් අභියෝගයක්. ඒක කරලා තියෙනවා Robert Rodriguez. ඔහු මේ චිත්‍රපටියේ තිර රචනය වගේම අධ්‍යක්ෂණයත් කරලා එලියට දැම්මේ. රඟපෑමෙන් මම කලින් කිව්වා වගේ Priyanka Chopra, Yaya Gosselin, Lyon Daniels, Lotus Blossom, Hala Finley වැනි අය එක්වෙනවා. මේ පොඩි දරුවන් අනාගතයේ හොඳ රංගන ශිල්පියන් වෙන බව මේකෙන්ම පෙන්නුම් කරනවා.


Ratings ගැනත් හොයලා බැලුවොත්, IMDB 4.7, Rotten Tommatoes 73%, Common Sense Media 4, Google Users 70% වගේ අගයන් අරගෙන තියෙනවා. මේ මාස දෙකකට.


කතාව ගැන කෙටියෙන් කියනවා නම්, ඇමරිකාවේ ඉන්න සුපිරි වීරයෝ ඔක්කෝම එකතුවෙනවා පිටසක්වල ආක්‍රමණයක් නවත්තන්න. ඒත් අවාසනාවකට, මේ හැමෝම පිටසක්වලයන්ට අහුවෙනවා. බේරෙන්න කාටවත් බැරිවෙන්න. ඒ අතරේ, එයාලාගේ දරුවන්ව ආරක්ෂාවට රඳවලා තියන්නේ, සුපිරි වීර මූලස්ථානයේ. හැබැයි, එතනත් ආක්‍රමණය කරන බව දැනගන්න එයාලා, එතනින් පැනලා යන්නේ, දෙමාපියන්ව බේරගන්න අදහසින්. එයාලාගේ මෙහෙයුම සාර්ථක වෙයිද? මොන වගේ පිටසක්වලයන් ද මේ ආවේ?


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.







Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙයි. වෙන කොහේවත් නෑ.




චිත්‍රප‌ටිය බාගන්න පුළුවන් මේ තැන් වලින්...







සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

1 comentário


Hashan M. Priyadarshana
Hashan M. Priyadarshana
26 de fev. de 2021

Thank you සබ් එකට


Curtir
Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page