top of page

Bullet Train (2022) සිංහල උපසිරැසි


2022 අවුරුද්‍දේ අළුත්ම චිත්‍රපටියක උපසිරැසි අරගෙන ආවා... Brad Pitt, Joey King රඟපාන චිත්‍රපටියක් කිව්වාම, හැමෝම උද්යෝගිමත් නේද? ඒ නිසා තමයි, නිකුත්වෙලා වැඩි දවසක් නොගිහින්ම, උපසිරැසිය අරගෙන ආවේ. මේක ලොකු ගමනක් යන්න පුළුවන් චිත්‍රපටියක් කියලා හිතෙනවා. ඔයාලාත් බලලා, තීරණය දෙන්නකෝ. මේකේ තරම් කියවන චිත්‍රපටියක්, කාලෙකින් දැක්කේ නෑ. මොකද, මේ තරම් action, thriller චිත්‍රපටියක්, දෙබස් ගොඩක් එක්ක ගහන්නේ කියලා, හිතාගන්න බෑ.


චිත්‍රපටිය බලන්න කලින්, මේකේ තියෙන එක දෙයක් ගැන කියන්න ඕනේ. ඒ තමයි, ජපානේ ජනප්‍රියතම කාටූන් වැඩසටහනක්, නැත්නම් ළමා වැඩසටහනක් වෙන Momomo ගැන. ඒකේ තියෙන චරිත කීපයක් ගැන නිතරම මේකෙන් කතා වෙනවා. ඒකේ චරිත ටිකක් ගැන මෙතනදී කියන්නම්. ඒක කතාව බලද්දී වැදගත් වේවි. මේ ඇත්තටම චිත්‍රපටියේම දෙබස් ටිකක්.


- එයා ගෝඩන් කෙනෙක්. මේ නිල් එක.

- ගෝඩන් කියන්නේ ශක්තිමත්ම, වැදගත්ම කෙනා.

- ඒත් එයා හැමතිස්සේම අනිත් අයට ඇහුම්කන් දෙන්නේ නෑ.

- සමහර මිනිස්සු එඩ්වඩ්ලා. බුද්ධිමත්, කරුණාවන්තයි.

‍- සමහර අය හෙන්රිලා. වැඩ කරනවා, ශක්තිමත්.

- සමහර අය ඩීසල්ලා. මෙයාලා කරදරකාරයෝ.‍‍

- ඔයා පර්සි කෙනෙක් වගේ. තරුණයි, මෘදුයි.


රේටිං වලිනුත් මේ චිත්‍රපටිය මේ වෙනකොටත් ඉහලට ඇවිත්. IMDB 7.4, Rotten Tomatoes 54%, Google Users 90% වගේ අරගෙන තිබ්බා, මේක ලියන වෙලාවේ. ආදායම් අතින් ගත්තොත්, ඩොලර් මිලියන 86ක ඇස්තමේන්තුගත වියදමකින් කරපු චිත්‍රපටියේ මේ වෙනකොට ආදායම, ඩොලර් මිලියන 230 පන්නලාලු. ලොකු ආදායමක් තියෙනවා.




David Leitch තමයි මේකේ අධ්‍යක්‍ෂකවරයා. අත්භූත කතා ලියන ජපන් ජාතික නවකතාකරුවෙක් වුනු Kōtarō Isaka ගේ Maria Beetle කතාව තමයි මේකට පසුබිම් කරගෙන තියෙන්නේ. Zak Olkewicz විසින් ලස්සනට පරිවර්තනය කරලා තිර රචනය ලියලා තියෙනවා. Sony Pictures Releasing තමයි ලොව පුරා බෙදාහැරීමේ වගකීම අරගෙන තියෙන්නේ. රඟපෑමෙන් දායක වෙනවා Brad Pitt (ලේඩිබග්), Joey King (කුමාරිය), Aaron Taylor-Johnson (ටැන්ජරීන්), Brian Tyree Henry (ලෙමන්) ඇතුලු දක්‍ෂ නළු නිලි පිරිසක්.


කතාව කෙටියෙන්ම කියන්නේ චිත්‍රපටිය බලන එක ඊට වඩා හොඳ නිසා. ලේඩිබග් කියන්නේ ගොඩාක් මෙහෙයුම් කරලා, ඝාතන මෙහෙයුම් කරලා මහන්සියට පත් වෙච්ච කෙනෙක්. ඒ නිසා, එයා සුළු හොරකම් සහ පැහැරගැනීම් විතරක් කරන්න හදනවා. එයාට ලැබෙනවා වැඩක්, එක බ්‍රීෆ්කේස් එකක් කෝච්චියකින් හොරකම් කරගෙන එන්න. එච්චරයි එයා දන්නේ, එයාට කියන්නේ. හැබැයි, ඒක ගන්න ගිහින් වෙන්නේ, කීයටවත් හිතන්නේ නැති දේවල් ගොඩාක්. මේ සිංහල උපසිරැසිය එක්ක චිත්‍රපටිය බලලාම ඒවා ගැන දැනගන්නකෝ.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.


Bullet Train (2022)
.zip
Download ZIP • 61KB

මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!




7 views0 comments
bottom of page