top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Day Shift (2022) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

ත්‍රාසජනක වැම්පයර් චිත්‍රපටියක් නිකුත් කෙරුණා මේ අවුරුද්දේ. ඒ Day Shift (2022) චිත්‍රපටිය. වැම්පයර් කතා සමහර අවස්ථා වලදී කම්මැලි වුනත්, මේ චිත්‍රපටිය දිගටම ආකර්ශණීය විදියට නිර්මාණය කරලා තියෙනවා. ඒ නිසාම හොඳ ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ලැබිලා තියෙනවා. මේ ලිපිය ලියන මො‍හොතේදී, IMDB 6.1, Rotten Tomatoes 58%, Metacritic 51%, Google Users 82% කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා.


J. J. Perry විසින් අධ්‍යක්‍ෂණය කරපු තවත් එක් කතාවක් තමයි මේ. Tyler Tice සහ Shay Hatten විසින් කරපු කතා නිර්මාණයක් තමයි මේ චිත්‍රපටියක් වුනේ. 87Eleven Entertainment විසින් නිෂ්පාදනය කලත්, සුපුරුදු පරිදි බෙදාහැරීම සිදුකෙරුනේ, Netflix ආයතයෙන්. මෙහි රඟපෑමෙන් දායක වෙනවා, Jamie Foxx (බඩ්), Dave Franco (සෙත්), Meagan Good (ජෝස්), Karla Souza (ඕඩ්‍රි) ඇතුලු පිරිසක්.


කතාව කෙටියෙන් කියන්නම්. බඩ් කියන්නේ දිවා කාලයේ පිහිණුම් තටාක පිරිසිදු කිරීමේ රැකියාව විදියට කරන කෙනෙක්. ඒත් ඒ ලොවෙන් සැඟවීමට කරන රඟපෑමක් විදියට තමයි පේන්නේ. ඔහුගේ ඇත්තම රැකියාව, වැම්පයර්ලා දඩයම් කිරීම. එක් අවස්ථාවකදී, ඔහු අතින් මැරුම්කන එක් කාන්තාවක් නිසා, වැම්පයර්ලාගේ දියුණුම කෙනෙක් බඩ් සම෸ඟ වෛර බැඳගන්නවා. මේ නිසා බඩ් විතරක් නෙමෙයි, පවුලේ අයත් පත් වන්නේ ලොකු අසීරුතාවයකට. මේ ගැන වැඩි විස්තර දැනගැනීමට, මේ සිංහල උපසිරැසිය සමඟින් චිත්‍රපටිය රස විඳින්න.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.


උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.


මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!



Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page