top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Escape Room: Tournament of Champions (සිංහල උපසිරැසි)

Nilusha Hemal Alahakoon

Escape Room (2019) කතාවේ දෙවෙනි දිගහැරුම Escape Room: Tournament of Champions (2021) චිත්‍රපටියේ උපසිරැසි අරගෙන ආවා. මම කලින් චිත්‍රපටියේදී විස්තර කලා, escape room නැත්නම් හිර කාමරයක් කියන්නේ මොකද්ද කියලා. නොදන්න අයට කෙටියෙන් ආයෙත්. නන්නාදුනන කිහිපදෙනෙක්ව කාමරයක් ඇතුලේ හිරකරනවා. එයාලාට ඒකෙන් බේරෙන්න නම්, ප්‍රහේලිකා විසඳලා හෝ ක්‍රියාකාරකම් කරලා, එලියට යන දොර ඇරගන්න ඕනේ. මේකට දෙන්නේ පොඩි වෙලාවක්. හැමෝම එකතු වෙලා විසඳුවොත් ලේසියෙන් බේරෙන්න පුළුවන්. මේක ඇමරිකාවේ ජනප්‍රිය ක්‍රීඩාවක්. ඒත්, මෑතකදී චිත්‍රපටි නිර්මාණකරුවන් මේ ක්‍රීඩාව භයානක මාරාන්තික එකක් කරලා. ජීවිතයට හානි විය හැකි උගුල් කාමර තුලට දාන්න පටන්ගෙන. මේ චිත්‍රපටියත් ඒ වගේ එකක දෙවෙනි දිගහැරුම.


Adam Robitel විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටිය නිෂ්පාදනය කලේ Neal H. Moritz විසින්. Bragi F. Schut විසින් නිර්මාණය කරපු චරිත පදනම් කරගෙන තමයි මේ කතාවත් දිගහැරුනේ. රඟපෑමෙන් කලින් චිත්‍රපටියේ හිටපු ප්‍රධාන චරිත දෙකම දායක වෙනවා. අප්‍රිකානු සම්භවයක් තියෙන තරුණ නිළි Taylor Russell, සෝයි ගේ චරිතය ඉතා දක්ෂ ලෙස රඟපානවා. ඇගේ රසිකයෝ මේ චිත්‍රපටිය ආශාවෙන් නරඹනවාට සැකයක් නෑ. ඇය සමඟින් Logan Miller (බෙන්), Deborah Ann Woll (අමන්දා), Indya Moore (බ්‍රියන්කා) සමඟින් Holland Roden (රේචල්) රඟපෑමෙන් දායක වෙනවා.


කතාව කෙටියෙන් කියනවා නම්, මේකෙදීත් එකිනෙකා නොහඳුනන හයදෙනෙක් එකතු‍ වෙනවා. එයාලා එකුවෙන්නේ, කිසිම දෙයක් නොදැනෙන්න. පළවෙනි හිර කාමරයට යනකොට තමයි එයාලා දැනගන්නේ, මිනෝස් සෙල්ලම පටන්ගෙන කියලා. එයාලා දැනගන්නවා, හැමෝම කලින් මේ ‍තරඟය කරලා තියෙන බව. හැමෝම තරඟයේ එකම ජයග්‍රාහකයෝ. එයාලා අතරේ වෙන මේ තරඟයෙන් මොකද වෙන්නේ? සෝයි, බෙන් මේකෙනුත් බේරෙන්න පුළුවන් වෙයිද? මිනෝස් ලාව හොයාගෙන යන ගමන සාර්ථක වෙයිද? මේවාට පිළිතුරු, මේ සිංහල උපසිරැසි සමඟින් චිත්‍රපටිය රසවිඳ දැනගන්න.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.





Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.


උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙයි. වෙන කොහේවත් නෑ.



මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් 720p quality, direct link එකක්.








සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!



Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page