top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Mission Possible (2021) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

Mission Possible (2021) ලස්සන කොරියානු රහස් පරීක්ෂක කතාවක්. ලංකාවේ ගොඩාක් කොරියන් පිස්සෝ පිස්සියෝ ඉන්නවානේ. එයාලාට ආසාවෙන් බලන්න පුළුවන්, ප්‍රහසනාත්මක රහස් පරීක්ෂක කතාවක් මේක. මේ ලිපිය ලියනකොටත් මේ චිත්‍රපටිය IMBD 6.4, MyDramaList 7.9, Google Users 94% ක් වගේ ළකුණු ලබාගෙන තිබ්බා. බලපු අයගේ තීරනේ මේකෙන්ම පේනවානේ.


Kim Hyeong-joo විසින් අධ්‍යක්ෂඛය කරපු චිත්‍රපටි අතරින් සාර්ථකම චිත්‍රපටිය විදියට මේක නම් කරන්න පුළුවන්. මොකද අද වෙනකොට මේක ලෝකේ පුරා ප්‍රදර්ශණය කරමින් ඩොලර් මිලියන 3.5කට අධික ලාභයක් ලබාගෙන තියෙනවා. රඟපාමෙන් එක්වෙන ප්‍රධාන නළුවා සහ නිළිය, තමන්ගේ දක්ෂතා උපරිමයෙන් මේකට දක්වලා තියෙනවා. රඟපෑමෙන් එක්වෙන්නේ Kim Young-kwang (වූ සූ-හාන්), Sun-Bin Lee (යූ ඩා-හී), Seo Hyeon Cheol (ප්‍රධාන පරීක්ෂක), Dae-hwan Oh (ජෝන් හූන්) ඇතුළු පිරිසක්.


මේ චිත්‍රපටියේ කතාව දිවෙන්නේ චීන ජාතික ආධුනික පුහුණුවන රහස් පරීක්ෂිකාවක් වටා. ඇයව කොරියාවට පිටත් කරවන්නේ, චීනෙන් කොරියාවට අපනයනය කරපු ආයුධ ජාවාරමක් සම්බන්ධයෙන්. ඇත්තටම චීන බුද්ධි අංශයට අවශ්‍ය වෙලා තියෙන්නේ, මේ මෙහෙයුමෙන් ඇයගේ දිවි කැපකරන්න. ඒත් ඇගේ ප්‍රධානියා, ඇයට කොරියාවේ හිටපු රහස් පරීක්ෂකයෙක්ව සම්බන්ධ කරවන්නේ, ඇය ගැන අනුකම්පාවෙන්. නමුත් යම් සිදුවීමක් නිසා, ඇය සම්බන්ධ වෙන්නේ පිස්සු, හිටපු රහස් පරීක්ෂකයෙක් සමඟයි. මේ තනියම කල යුතු, මාරාන්තික මෙහෙයුමට ඇය මුහුණ දෙන්නේ කෙසේද? ඇයගේ උදව්වට ඉන්න රහස් පරීක්ෂකයාගෙන් ලැබෙන උදව් මොනවගේ වෙයිද?


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.






Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙයි. වෙන කොහේවත් නෑ.



චිත්‍රප‌ටිය බාගන්න පුළුවන් මේ තැන් වලින්...




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

1 Comment


Thank you 🙂

Like
Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page