top of page

The King's Man (2021) සිංහල උපසිරැසි


The King's Man (2021) ගිය අවුරුද්දේ අවසාන භාගයේ එලිදැක්වුනු චිත්‍රපටියක්. Kingsman නම තියෙන තව චිත්‍රපටි දෙකක් එලිදක්වලා තියෙනවා. එක විදියකින් මේක ඒ කතා‍වල මූලාරම්භය කියලා කියන්න පුළුවන්. ඇමරිකාව කැනඩාව තුල හොඳ ආදායම් වාර්ථා තබන්න මේ චිත්‍රපටියට හැකිවුනා. ඒ වගේම ප්‍රසිද්ධ සම්මාන උලෙලවල් දෙකකදී හොඳම විද්‍යාත්මක කතාවට සම්මාන ලබාගන්න යෝජනා වුනත්, ඒ දෙකේදීම සම්මානය අහිමි වුනා. හැබැයි, අන්තර්ජාලයේ නම් රේටිං වල අඩුවක් දකින්න ලැබුනේ. IMDB 6.5, RottenTommatoes 43%, Google Users 84% පමණ මේකට කැමැත්ත ප්‍රකාශ කරලා ති‍බ්බා.


කලින් චිත්‍රපටි දෙක වගේම, මේ චිත්‍රපටියත් Mark Millar සහ Dave Gibbons දෙදෙනාගේ The Secret Service නම් කෘතිය පාදක කරගෙන නිර්මාණය කරලා තියෙන්නේ. අධ්‍යක්ෂණය සහ තිර රචනය Matthew Vaughn විසින්. ගොඩාක් ජනප්‍රිය විද්‍යා ප්‍රබන්ධ රාශියක් සිනමාවට ඔහු නගලා තියෙනවා. රඟපෑමෙන් දායක වෙනවා Ralph Fiennes (ඔක්ස්ෆර්ඩ්), Gemma Arterton (පොලී), Djimon Hounsou (ශෝලා), Harris Dickinson (කොන්රාඩ්) ඇතුළු විශාල පිරිසක්.


කතාව කෙටියෙන් කිව්වොත්, ඔක්ස්ෆර්ඩ් ආදිපාදවරයා තමන්ගේ ප්‍රතිපත්තියක් විදියට සාමවාදී ක්‍රියා පිලිවෙතක් අනුගමනය කරනවා. නමුත් එහිදී, ඔහුගේ බිරිඳ, එමිලි, ඝාතනයට ලක්වන්නේ, තම පුතණුවන් ඉදිරිපිටදී. එහිදී ඔහු පොරොන්දු වෙනවා, පුතණුවන්ට යුද්ධයක් දැකීමට ඉඩ නොදෙන බවට. පුතා, කොන්රාඩ්, තරුණ වියට පා තැබීමත් සමඟ, ඔහුගේ එකම අරමුණ රට වෙනුවෙන් සේවය කිරීම. මේ යුද්ධයේදී ඔක්ස්ෆර්ඩ් ආදාපාදයන් ක්‍රියාකරන්නේ කෙසේද? කින්ග්ස්මන් යනු කුමක්ද? මේවා ගැන දැනගන්න, මේ සිංහල උපසිරැසිය සමඟින් චිත්‍රපටිය රසවිඳින්න.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.





Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.


උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.


The Kings Man (2021)
.zip
Download ZIP • 49KB

මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.





සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!



32 views0 comments
bottom of page