top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Sonic 2 (2022) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

Sonic the Hedgehog බලපු හැමෝම බලාගෙන හිටියේ ඒකේ දෙවෙනි කොටස එනකල්. මේ උපසිරැසිය අරගෙන ආවේ ඒ දෙවෙනි කොටසට. සුපුරුදු පරිදිම ලොකු ප්‍රේක්‍ෂක ආකර්ෂණයක් දිනාගන්න මේ චිත්‍රපටිය නිකුත් කරන්න කලින්ම පුළුවන් වුනා. ඒක තවත් වැඩිවුනා, මේක නරඹන්න පටන් ගත්තාම. ලෝකේ පුරාම මේ වෙනකොට ප්‍රදර්ශනය ආරම්භ කරලා මාසයක් විතර වුනත්, ආදායම ඩොලර් මිලියන 350කට ආසන්නයි කියලායි සඳහන් වෙන්නේ. රේටිං අතින් ගත්තාමත්, මේ ලිපිය ලියනකොට, IMDB 6.7, RottenTomatoes 68%, Metacritic 45%, Google Users 96% ලබාගෙන තිබ්බා.


මේ චිත්‍රපටි දෙකම අධ්‍යක්ෂණය කලේ Jeff Fowler විසින්. ඒ නිසා චිත්‍රපටියේ ගුණාත්මක භාවය හොඳින් රඳවගන්න සමත්වෙලා තියෙනවා. කටහඬ දායකත්වය සපයගෙන තියෙන්නේ Ben Schwartz (සොනික්), Colleen O'Shaughnessy (ටේල්ස්), Idris Elba (නකල්ස්). ඒ වගේම රඟපෑමෙන් දායක වෙලා තියෙනවා Jim Carrey (රොබොට්නික්), James Marsden (ටොම්), Natasha Rothwell (රේචල්) ඇතුළු පිරිසක්.


කතාව ගැනත් කෙටියෙන් කියන්නම්. පළවෙනි චිත්‍රපටියේදී, සොනික් ඇතුළු පිරිස, රොබොට්නික්ව හතු ග්‍රහලෝකෙට පිටුවහල් කලා. මේක පටන්ගන්නේ එතනින්. එයා නකල්ස්, අන්තිම එචින්ඩා ගෝත්‍රිකයා, යොදාගෙන නැවත පෘථිවියට එන්නේ, සොනික්ගෙන් පලිගන්න. ඒත්, පස්සේ දැනගන්නවා, නකල්ස් එන්නේ වෙන අරමුණක් පස්සේ කියලා. ඒක ගැන වැඩි ආශාවක් රොබොට්නික්ට ඇතිවෙන්නේ නිතැතින්. ඒ ගැන වැඩි විස්තර දැනගන්න, මේ සිංහල උපසිරැසිය එක්ක චිත්‍රපටිය නරඹලා, රස විඳින්න!


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.






Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.


උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.



මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.





සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!




Comentários


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page