top of page

The Princess (2022) සිංහල උපසිරැසි


Joey King ඉන්න චිත්‍රපටියක් අත හරින්න බෑ නේද? ඒ නිසාමයි මේකත් ඉක්මනට පරිවර්තනය කලේ. දන්නවානේ, Kissing Booth, Ramona and Beezes වගේ චිත්‍රපටි වල හිටපු කෙනා. මේ පාර ඇයට ලැබිලා තියෙන්නේ සටන්කාමී කුමරියකගේ චරිතයක්. සටන් ජවනිකා වගේම කුමාරිකාව‍ගේ දර්ශණත් ලස්සනට රඟපාලා තියෙන නිසා චිත්‍රපටිය එක දිගට ඇහි පිල්ලන් නොගහ බලන්න පුළුවන්.


මේ චිත්‍රපටියේ එන සටන් ජවනිකා අතරින් 85% ක් පමණ, Joey King විසින්ම රඟපාලා තියෙනවා. ඒ සඳහාම ඇය කඩුවක් හසුරුවන ආකාරය, පහරදීම්, පහර වැළැක්වීම් යනාදී සටන් උපක්‍රම පුහුණු වෙලා තියෙන බව කියවෙනවා.


Le-Van Kiet විසින් අධ්‍යක්‍ෂණය කරපු මේ චිත්‍රපටිය Ben Lustig සහ Jake Thornton ගේ කතා සංකල්පනාවක්. සියළුම දෙනා එකතු වෙලා ඒ සංකල්පනාව, චිත්‍රපටියක් කරලා තියෙනවා. 20th Century Studios සහ Original Film සමාගම් විසින් නිෂ්පාදනය කෙ‍රුණු චිත්‍රපටිය Hulu සහ Disney+ ආයතන මගින් ඇමරිකාවේ සහ අන්තර්ජාතිකව බෙදාහැරීම් සිදුකෙරුණා. රඟපෑමෙන් එක් වන්නේ, Joey King (කුමාරිකාව), Dominic Cooper (ජූලියස්), Veronica Ngo (ලින්) සහ Olga Kurylenko (මොයිරා) ඇතුළු පිරිසක්.


කතාව ගැන කෙටියෙන් කියන්නම්. ජූලියස් කියන රාජතාන්ත්‍රිකයා රාජධානියේ බලය අල්ලා ගැනීමේ අරමුනෙන් රාජ කුමරියව විවාහ කරගන්න සූදානම් වෙනවා. නමුත් විවාහ උත්සවයේ මුද්ද පළඳවන අවස්ථාවේ, කුමාරිකාව ඔහුව ප්‍රතික්‍ෂේප කරනවා. මේ නිසා, බලෙන්ම ඇයව විවාහ කරගැනීමට සූදානම් වෙන ජූලියස්, කුමාරිකාව උස කුළුණක ඉහලම මහලේ හිර කරනවා. චිත්‍රපටිය පටන් ගන්නේ මෙතනින්. කුමාරිකාවට විවාහය කරගන්න සිදුවේවිද? ජූලියස් කුමක් කරන්නද උත්සාහ දරන්නේ? රජතුමා සහ රැජිණට මොකද වෙන්නේ? මේවා දැනගන්න නම්, මේ සිංහල උපසිරැසි එක්ක, චිත්‍රපටිය රසවිඳින්න!


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.


The Princess (2022)
.zip
Download ZIP • 21KB

මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!



19 views0 comments
bottom of page